(ඩී.කේ.රත්න)
උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් පානීය ජලය අහිමි වූ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය බෙදා හරින ජල බවුසර් සහ ට්රැක්ටර් රථ රියදුරන් අද (10) වැඩ වර්ජනයක නිරත වූහ.
මෙම බවුසර් සහ ට්රැක්ටර් රථ සඳහා උමාඔය ව්‍යාපෘතිය මගින් මාසිකව ලබාදීමට නියමිත මුදල් මාස පහක පමණ කාලයක සිට ලබා නොදීම හේතුවෙන් මෙම ට්‍රැක්ටර් සහ බවුසර් හිමිකරුවන් ජලය බෙදාහැරීමෙන් ඉවත් වී මෙසේ වැඩවර්ජනයක නිරත වී තිබේ.
මෙම බවුසර් සහ ට්රැක්ටර් රථ ජලය බෙදා හැරීමෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරතවීම බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගම්මාන රැසක පවුල් 1500 ක පමණ පිරිසක් පානීය ජලය අහිමිවීමෙන් දැඩි අපහසුතාවයකට පත්වී සිටිති.
COMMENTS
මෙපමණ විනාශයක් කරපු උමා ඔය ව්‍යාපෘතිය තනිකර මහින්ද රාජපක්ෂගෙයි එදා ඉරානයේ අගමැති වෙලාහිටපු පුද්ගලයගෙයි කැමැත්තට සතුටට කරපු මෝඩ වැඩක් බව කව්රුත් දන්නවා. තාක්ෂණික ශක්‍යතා අධ්‍යයනයක් පවා නොකර මේ වැඩේ පටන් ගත්තා. අන්තිමට බණ්ඩාරවෙල පළාතේම භූගත ජලය නැතිවෙලා ගියා. ඒ වගේ විනාශයක් කරපු මේ අයට ආයෙත් ඒ ගමේම මිනිස්සු ඡන්දෙ දෙනවානේ.
ලංකාවෙ ගංගා කීයක් තියෙනවද? ඒ වුනාට පවුල් කී දාහකට බොන්න වතුර නැතිව පෙලෙනවද? කෝටි ගනන් වියදම් හතර වරිගෙ හැම කෙනාටම දෙන්න වාහන ගෙන්වන හදිස්සිය මේවට නෑ.