(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ සහනාධාර පොහොර නොලැබුණු ගොවීන්ට එම පොහොර ලබාදෙන ලෙස බල කරමින් අද(06) ගොවීහු පිරිසක් මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වහලය මතට නැග විරෝධතාවයක නිරත වූහ.
ගොවීන් විශාල පිරිසක් මෙවර මාස් කන්නය සඳහා පොහොර ලබාගැනීමට තම ගොවි බලප්‍රදේශය භාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට මුදල් ලබා දී බිල්පත් ලබා ගෙන තිබුණද, ඒවාට මෙතෙක් පොහොර ලබා නොදුන් බව විරෝධතාවයේ එක් වූ ගොවීහු එම බිල්පත් පෙන්වමින් සඳහන් කළහ.
ඒ අනුව කවුඩුල්ල ව්‍යාපාරය සඳහා යූරියා පොහොර මිටි 500 පමණ හිඟයක් පවතින බව ඔවුහු පැවසූහ.
වෙනත් බෝග සඳහා යොදන වැඩිමිලට ලබා ගන්නා පොහොර ද මැදිරිගිරියේ කිසිඳු වෙළඳසැලකින් ලබා ගැනීමට නොමැති බවද ඔවුහු කීහ.
ගල්ලෑල්ල පොහොර ගබඩාවේ ප්‍රමාණවත් තරම් පොහොර තිබියදීත් ඒවා ගොවීන්ට ලබා දීමට කිසිඳු බලධාරියෙක් කටයුතු නොකරන බවද ඔවුහු වැඩිදුරටත් කීහ.
විරෝධතාවය පැවති අවස්ථාවේ එම ස්ථානයට පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස් එච්.එම් කුලතුංග මහතා කියාසිටියේ දින දෙකක් ඇතුළත ගොවීන්ට පොහොර තොගය ලබාදීමට කටයුතු කරන බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd