IMG-LOGO

දඹුල්ල වෑවල වැව මාර්ගය සාදා දෙන්නැයි වැසියෝ උද්ඝෝෂණයක

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගයේ වෑවලවැව ප්‍රදේශයේදී මාර්ගය අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලා (05) දින ප්‍රදේශවාසීහු මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 

වෑවල වැව ප්‍රධාන මාර්ගය කාලයක තිස්සේ අබලන් තත්ත්වයේ පැවතීම, මාර්ගයේ වළවල් හෑරීම සහ  දූවිලි විශාල වශයෙන් පැතිරී යාම නවත්වා දෙන්නැයි  විරෝධතාකරුවෝ බලධාරීන්ට බල කරමින් විරෝධතාවයේ නිරත වූහ. 

දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගය වෑවල වැව ප්‍රදේශයෙන් අවහිර කිරීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ලවිය.

විරෝධතාකරුවන් අතරට පැමිණි දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලාල් සමරතුංග මහතා සහ ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.  විරෝධතාකරුවන් කියාසිටියේ වසර පනහකට  වඩා වැඩි කාලයක් මෙම වර්ගයේ අලුත්වැඩියා නොකිරීම නිසා දේශපාලනඥයින් විශ්වාස කළ නොහැකි බවයි. 

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාර්ගයේ අලුත්වැඩියා කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්  කර ඇතැයි මන්ත්‍රී ලාල් සමරතුංග මහතා පැවසීය. පසුව විරෝධතාකරුවන් විරුද්ධතාවය අතහැර දැමු අතර විරෝධතාවේ හේතුවෙන් මාර්ගය ගමනාගමනයට පැය පැය තුනකට වඩා කාලයක් බාධා එල්ල විය. 



අදහස් (0)

දඹුල්ල වෑවල වැව මාර්ගය සාදා දෙන්නැයි වැසියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 39 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1583 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1704 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site