(උපාලි ආනන්ද)
බීමත්ව රියදුරු බලපත‍්‍රය සහ ලියාපදිංචි සහතිකය නොමැතිව යතුරුපැදි ධාවනය කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මුදලින් 112,500 ක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (5) නියම කළේය.
ඒ අනුව පදවිය බී එම් යූ විජෙරත්න බංඩාරට මුදලින් රුපියල් 57,500 ක දඩයක් සහ පදවිය බෝගහවැව දංගොල්ල ආදර්ශ ගම්මානය ලිපිනයේ ජී චමින්ද ගුණසිංහ යන අයට මුදලින් රුපියල් 55,000 ක ද දඩයක් නියම විය.
පදවිය පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරුන් වන (73120) සේනාරත්න සහ (69042) කරුණාදාස යන මහත්වරුන් සැකකරුවන් අධිකණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.
පදවිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ආනන්ද මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරීන් විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබිණි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බීමත්ව බලපත් නැතිව යතුරුපැදි ධාවනය කළ දෙදෙනකුට දඩ