(ඩී.කේ.රත්න )
රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝග‍්‍රෑම් 6 ක් ග‍්‍රෑම් 985 ක් සමඟ පුද්ගලයකු කොස්ලන්ද අලුත්වෙල ප‍්‍රදේශයේ දී කුඩාඔය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අද (6) අත්අඩංගුවට ගෙන ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
කොස්ලන්ද අලුත්වෙල රජමාවතේ පදිංචි වයස අවුරුදු 37 පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කුඩාඔය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් කොස්ලන්ද අලුත්වෙල ප‍්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා සහ ගංජා තොගය බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කොස්ලන්ද පොලීසියට බාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොස්ලන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd