( වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක්ගේ මළ සිරුරක් වව්නතිව් අයිත්තමලේ මාර්ගයේදි තිබියදී මොයාගෙන ඇත.
ඔහු ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බව පොලීසය කියයි. මියගොස් ඇත්තේ පො.සැ.64528 තම්බ්පිල්ලේ යුවරාජ් නැමැති 52 හැවිරිදි නිළධාරියෙකි.
මෙම පොලිස් නිළධාරියා වාලච්චේන පොලිසියේ රාජකාරි අවසන්ව නිවසට පැමිණිමෙන් අනතුරුව ඔහුගේ වෙනත් ඉඩමක් සඳහා පිටත්ව ගොස් ඇත.
අනතුරුව යළි පැමිණ නොමැති අතර උදෑසන මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් පිරිසක් පාරේ අයිනේ යමෙකු වැටි ඇති බව පොලිසියට දැනුම් දි තිබේ.
පසුව වව්නතිව් පොලිස් නිළධාරින් පැමින සිද්ධිය පිලිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් බව පොලිස් නිළධාරින් විසින් හදුනා ගෙන තිබේ.
පසුව මඩකලපුව කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා ද මෙම ස්ථානයට පැමින පරීක්ෂා කර ඇති අතර පොලිස් අපරාධ ස්ථාන නිළධාරින්ද පැමින පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.මෙයට අමතර පොලිස් නිළ සුනඛයන්ද යොදවා ඇති බව මඩකලපුව ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. දැනට තිබෙන තොරතුරු අනුව ඉඩම් ආරවුලක් නිසා මෙම මිනිස් ඝාතනය සිදුවෙන්නට ඇතැයි පරීක්ෂණ පවත්වන නිළධාරීන් සැක පහල කර තිබේ.


( වසන්ත චන්ද්‍රපාල)



( ඡායාරූප ජවුෆර් ඛාන්)
2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මඩකලපුව මාර්ගයක තිබී සැරයන්වරයකුගේ සිරුරක් සොයාගනී