(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ වසා දමා තිබූ ආරණ්‍ය සේනාසනයකින් සොරා ගත් ලක්ෂ තුනකට අධික භාණ්ඩ තොගයක් සහ ඒවා ප්‍රවාහනයට යොදා ගත් කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (04) අත්අඩංගුවට ගත්බව සාලියවැව පොලිසිය කියයි.
මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ හිමි නමක් සාලියවැව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසයි.
සැකකරුවන් නීලබැම්ම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන්ගේ නිවෙස්වල සඟවා තිබිය දී මෙම භාණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මිනිසුනේ "කොයි ලොව යන්නේ මරණින් පස්සේ... පින් පව් එනවා අපි පසු පස්සේ"