(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් 14 දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් කුඩා දරුවෝ සහ මවුපියෝ පිරිසක් අද (5) වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී දෙවැනි දිනටත් විරෝධතාවයේ නිරත වූහ.
හේතු කිහිපයක් මුල් කරගනිමින් තම දරුවන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් තම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි විරෝධතාකරුවෝ කියති.
මොවුන් පිරිස පෙරේදා (3) වැනිදා මෙම විරෝධතාව ආරම්භ කළ අතර මෙතෙක් ඔවුන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd