වයඹ උපාධිධාරීන්ට පත්වීම් දෙද්දී දහම් පාසල් සහතිකයට ලකුණු 10ක් මින් ඉදිරියට වයඹ පළාත් සභාව මගින් උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී දහම් පාසල් අවසාන විභාග සහතිකයට ලකුණු 10ක් ප්රදානය කරමින් දහම් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීමට වයඹ පළාත් සභාව තීරණය කර ඇත. 09 April 2018
කුච්චවේලි සභාපති මුස්ලිම් කොංග්‍රසයෙන් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනිමේ ජන්ද විමසිමේදි හිටපු සභාපති ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී අයිනිය පිල්ලේ මුබාරක් මහතා වැඩි ඡන්ද ලබාගෙන සභාපතිවරයා ලෙස තේරී පත් විය. 09 April 2018
හැටන් අනතුරින් අටකට තුවාල හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී සිදුවූ වැන් රථ හා ලොරි රථ අනතුරකින් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත. 09 April 2018
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් විවෘත කරයි මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය අද (09) දහවල් වනවිට පිටාර මට්ටමට ඉහළ නැගීම නිසා එහි වාන් දොරටු 10 න් 04 ක් අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එස්.කේ හේවාගම මහතා පවසයි. 09 April 2018
ගහක් වැටී හලාවත - කොළඹ පාර මාරවිලින් අවහිරවෙයි හලාවත - කොළඹ මාර්ගයට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව මාරවිල පොලීසිය කියයි. 09 April 2018
වතුර නැතිව මුලතිව් වැසියන් දසදහසක් පමණ පීඩාවන්ට මුලතිව් ප්‍රදේශයේ කුඩා වැව් සිඳී යාමත් වර්ෂාව නොමැති වීමත් හේතුවෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් 3179 කට අයත් පුද්ගයින් 10,005 දෙනෙකු පමණ පීඩාවන්ට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙති. 09 April 2018
යුද්දෙන් විනාශ වූ නිවාස වෙනුවට අලුත් නිවාස 30 ක් යුද්දය හේතුවෙන් විනාශ වූ යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වරුතලෙයිවිලාන් ගම්මානයේ නිවාස ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත්කරනු ලැබීය. 09 April 2018
කැබ් රියක් පෙරැළී දෙන්නෙක් රෝහලේ කිලිනොච්චිය, පූනකරි රෝහල් අධ්‍යක්ෂක වරයාට අයත් වාහනයක් අනතුරට ලක්වීමෙන් ඔහුගේ මව හා කැබ් රථය පැදවූ සහෝදරයෙකු තුවාල ලබා දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පූනකරි පොලීසිය පවසයි. 09 April 2018
වන අලි නිසා දුක් විඳින කලාගම වැසියෝ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම ජනතාව ගෙට ගත් වී අස්වැන්න වන අලින් ගෙන් බේරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 09 April 2018
ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සහ කලාවැව් රක්ෂිතයේ වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානම් කර තිබූ මෙරට නිෂ්පාධිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු සැකපිට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 09 April 2018
හලාවත නගර සභා පුටුව එජාපයට හලාවත නගර සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ කුෂාන් අබේසේකර මහතාද, උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුල්කීන් වහාබ් අමීන් මහතාද තේරී පත් විය. 09 April 2018
බඹර ප්‍රහාරයකින් 10 ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් දස දෙනෙකු අද (09) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ. 09 April 2018
බෑණා මැරුවැයි නැන්දණිය සහ අනියම් සැමියා සැකපිට අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආතර් සිල්වා මාවතේ පිහිටි නිවසකදී සිය බිරිඳ පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි නසාගත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිරිඳගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු ඊයේ (8) සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 09 April 2018
අලින්ගේ කලහයට එරෙහිව කලහගල වැසියෝ වීදි බසිති පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අලියකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමෙන් පසු ඔහුගේ අවමඟුල් කටයුතු සිදුකෙරුණු අද(08) පස්වරුවේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. 08 April 2018
‘පොල් ඉඩම් කට්ටි කිරීමේදී සැකසු නීතිය වහා ක්‍රියාත්මක කරන්න‘- නාමල් කරුණාරත්න ශ්‍රී ලංකාවේ පොල් ඉඩම් කට්ටි කිරීමේ දී ක්‍රියාත්මක කළ යුතු නීති පද්ධතිය වහාම රට තුළ නීතියක් බවට ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු වූ පොල් ආශ්රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර සිටීති . 08 April 2018
කැබ්රිය දුම්රියේ හැපී දෙදෙකුට තුවාල කොළඹ සිට යාපනය බලා ධාවනය වූ දුම්රියකට යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් වැදීමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලිසිය කියයි. 08 April 2018
වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට වැලිකන්ද සිංහපුර මහවැලිතැන්න ප්‍රදේශයේදී අද (08) අලූයම 03 ට පමණ අලියෙකු පහර දීමෙන් 65 හැවිරදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 08 April 2018
ගවයින් සොරකම් කළ සිව්දෙනෙක් ගන්දරදි අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ගොස් තරු පහේ හෝටල් වල නැවතී සුඛෝපභෝගී වාහන උපයෝගී කර ගෙන මහා පරිමාණයෙන් ගවයින් සොරකම් කිරිමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු ගන්දර නාඔටුන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 08 April 2018
තහනම් ආම්පන්න යොදා මසුන් මැරූ ධීවරයින් දෙන්නෙක් සැකපිට මුලතිව් නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු සමඟ මත්ස්‍ය උගුල් 800 ක් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 08 April 2018
‘හක්කපටස්‘ හපා ඇත් පැටවකු මිය යයි අම්පාර අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ සාගම අලිකම්බේ ප්‍රදේශයේ දී හක්ක පටස් නැමැති පුපුරණ ද්‍රව්‍ය සපා කෑ ඇත් පැටවෙකු මිය ගොස් තිබේ. 08 April 2018
ගංජා සමඟ සිව් දෙනෙක් සැකපිට වැලිමඩ නැදුන්ගමුව ප්‍රදේශයේදී ගංජා පැකට් දහතුනක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු අද (08) උදැසන අත්අඩංගුවට ගෙන ඇතයි වැලිමඩ පොලීසිය පවසයි. 08 April 2018
මොනරාගලදී බසයක් පෙරැළී 8ක් රෝහලේ මොනරාගල කොළඹ ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය තෙලූල්ල තිස් අටේ කණුව අසලදී පෞද්ගලික බස් රථයක් අද (08) මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක හැපී සිදු වු අනතුරකින් බසයේ ගමන් ගත් මගීන් අට දෙනෙකු බරපතල තුවාල ලබා තණමල්විල සහ වැල්ලවාය මූලික රෝහලට ඇතුළු කර ඇතයි කුඩාඔය පොලීසිය පවසයි. 08 April 2018
යතුරුපැදි -වෑන් අනතුරින් අයෙක් මරුට නවගත්තේගම - ගල්ගමුව මාර්ගයේ යතුරු පැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි. 08 April 2018
ඇල්ලේදී පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් අත්අඩංගුවට ඇල්ල බල්ලකෙටුව, ගෝවුස්ස ප්‍රදේශයේ රක්ෂිතයකදී පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඇල්ල පොලීසිය විසින් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන ඇතයි ඇල්ල පොලීසිය පවසයි. 08 April 2018
පුත්තලමේ අනතුරකින් 6 ක් රෝහලේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් සහ ත්‍රිවිල් රථ දෙකක් ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළු කර ඇති බව පුත්තලම පොලිසිය කියයි. 08 April 2018
මව අහිමි වූ මුව පැටවා පශූ වෛද්‍ය කාර්යාලයට මව අහිමි වීමෙන් අතරමංවී සිටී මාස හතරක පමණ වයසවූ මුව පැටවෙකු කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් පන්ඩුලගම පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගිය බව කරුවලගස්වැව වනජීවී නිලධාරීන් කියයි. 07 April 2018
යතුරුපැදියේ ගිය මව ටිපරයේ ගැටී මරුට කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ තලම්මැහැර දෙබරලියද්ද මංසන්ධියේදී අද 07 උදෑසන 6 00 ට පමණ බොරළු පැටවූ ටිපර් රථයක් යතුරුපැදියක හැපී යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා එම ස්ථානයේදිම මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 07 April 2018
මසුන් මැරීමට ගිය හිටපු හමුදා සෙබළා කලා ඔයට වැටී මරුට කලාඔයේ මසුන් මැරීමට ගිය හිටපු යුද හමුදා සෙබළෙක් දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව සාලියවැව පොලීසිය කියයි. 07 April 2018
අලියකු පහරදීමෙන් ගොවියෙක් මරුට පොලොන්නරුව, කලහගල 8 ඇළ ප්‍රදේශයේදී අද (07) අලුයම 3.30 ට පමණ අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 07 April 2018
ටැමඩෝල් පෙති 09 ක් තිබූ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ටැමඩෝල් මත් පෙති 09 ක් ළග තබා ගෙන සිටි ආණමඩුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් තිදෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 07 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025