(පෙරේරා පුත්තලම )
පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් සහ ත්‍රිවිල් රථ දෙකක් ගැටීමෙන් සය දෙනකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළු කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම, මොරියාකුලම, කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේ පදිංචි කරුවන් අනතුරින් තුවාල ලබා තිබේ.
පාන් බනිස් විකිණීමට නතර කර තිබූ ත්‍රිවිල් රථයක පසුපසින් පැමිණි ත්‍රිවිල් රථයක් ගැටී මාර්ගය මැද පෙරැළී තිබියදී ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක් එහි ගැටී පෙරැළී යාමත් සමඟ පිටු පසින් පැමිණි තවත් යතුරු පැදියක් එහි ගැටී මෙම අනතුර සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd