(කාංචන කුමාර ආරියදාස)
කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සහ කලාවැව් රක්ෂිතයේ වන සතුන් දඩයම් කිරීම සඳහා සූදානම් කර තිබූ මෙරට නිෂ්පාධිත ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු සැකපිට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙම ගිනි අවි දෙක සොයාගෙන තිබේ.
ගිනි අවි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වන විටත් පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කර ඇති අතර තිබුණු සිංහල අලුත් අවුරුදු සැමරීමට වන සතුන් දඩයම් කිරීම සහ වන අලි ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවි යොදා ගන්නා බව වන සත්ව අඩවි ආරක්ෂක රාමසිංහ මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ගිනි අවි මෙරට නිෂ්පාදිත ඒවා බවත් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මේවා නිශ්පාදනය කර ඇතැයිද වනජීවී නිලධාරීහු පවසති.
සැකකරු සමඟ ගිනි අවි කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට