පුත්තලම - ජුඩ් සමන්ත.
ටැමඩෝල් මත් පෙති 09 ක් ළග තබා ගෙන සිටි ආණමඩුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුන් තිදෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 06 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුසු 17 – 18 වියේ පසුවන පාසල් සිසුන් තිදෙනෙකුවය.
පාසලේ වාර අවසාන නිවාඩු ලබා දීමට සුදානම් කර තිබියදී සැකකාර සිසුන් අත මත් පෙති තිබෙනවා දැක ඒ බව වෙනත් සිසුන් පිරිසක් විසින් විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දැණුම් දීමට කටයුතු කර ඇත.ඒ අනුව විදුහල්පතිවරයා සහ ගුරුවරුන් විසින් අදාල සිසුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී මත් පෙති තොගය සොයා ගෙන ඇත.
සැකකාර සිසුන් මීට පෙර අවස්ථා කීපයකදීම මේ ආකාරයට මත් පෙති පාසලට ගෙනවිත් ඇති බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමළල මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටැමඩෝල් පෙති 09 ක් තිබූ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට