ක.ග කරුණාරත්න
පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අලියකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමෙන් පසු ඔහුගේ අවමඟුල් කටයුතු සිදුකෙරුණු අද(08) පස්වරුවේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ.
කලහගල පදිංචි 38 හැවිරිදි ගොවියෙකු වන එම්.ඒ සමන්කුමාර යන අය තම කුඹුරේ පැල් රැකීමට ගොස් ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී ඊයේ(07) අලුයම 3.30 ට පමණ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී එම ස්ථානයේදීම මරුමුවට පත්විය.
අද(08) පස්වරුවේ ඔහුගේ දේහය සහිත මිනී පෙට්ටිය පොලොන්නරුව, කලහගල ප්‍රධාන මාර්ගය වෙත රැගෙන විත් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන්නැයි වගකිවයුත්තන්ට බලකරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඒ අහිංසක අලියට මුකුත් කරදරයක් වෙලා නැද්ද? අපේ රටේ වන සතුන්ට ලොකු වටිනාකමක් තියනවා කියලා අපිට මීට ටික කලකට කලින් අපට හිතන්න හුරු පුරුදු කලේ මේ රටේ ජන මාධ්‍යය තමයි.
මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. මෙයට ප්‍රධාන හේතුව නම් අද වැඩිවී තිබෙන වල් අලි ජනගහණයයි. මීට පිලියමක් ලෙස රටේ හැකියාවක් ඇති අයවලුන්ට අලින් ඇති කිරීමට ඉඩ දිය යුතුයි. එසේත් නැත්නම් ඉල්ලුමක් ඇති පිට රටවලට මේ අලින් අලවා අපනයන කල යුතුයි. මෙවැනි අදහස් වලට විරුද්ධ වන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමර වල සිටින අයවලුන් පමණි.