(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශ්‍රාවස්තිපුර ආතර් සිල්වා මාවතේ පිහිටි නිවසකදී සිය බිරිඳ පිහියකින් ඇන ඝාතනය කර පසුව සැමියා ද සියදිවි නසාගත් සිද්ධිය සම්බන්ධයෙන් මියගිය බිරිඳගේ මව සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු ඊයේ (8) සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔවුන්ව ඝාතනය කර පසුව ඔහුද නිවස පිටුපස අඩි 75 ක් පමණ වන ගල් වලකට පැන සියදිවි හානි කර ගෙන ඇති බවට මියගිය කාන්තාවගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඝාතනය කරනු ලැබු කාන්තාව එක්දරු මවකි. ඇය නෙලුබැව ග්‍රාමීය රෝහලේ හෙදියක් ලෙස සේවය කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
මියගිය දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ බිරිඳගේ ඝාතනය තියුණු අවියකින් ඇන තුවාල සිදු කිරිමෙන් සිදුවු මරණයක් බවත් ඇගේ සැමියාගේ මරණය හුස්ම හිරවිමකින් සිදුවු මරණයක් බවත්ය.
සැකකරුවන් දෙදෙනා අද (9) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd