( ඞී.කේ.රත්න )
වැලිමඩ නැදුන්ගමුව ප‍්‍රදේශයේදී ගංජා පැකට් දහතුනක් සමග පුද්ගලයන් සිවුදෙනෙකු අද (08) උදැසන අත්අඩංගුවට ගෙන ඇතයි වැලිමඩ පොලීසිය පවසයි.
වැලිමඩ නැදුන්ගමුව ප‍්‍රදේශයේ වෙළදසලක හිමිකරුවෙකු හා නැදුන්ගමුව ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසි පහක සහ විසි හයක තරුණයන් තිදෙනෙකු මෙසේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වෙළදසැලේ හිමිකරු තරුණයන්ට ගංජා අලෙවි කරමින් සිටියදී පොලීසියට අසුවී තිබේ. මෙම වෙළදසලේ හිමිකරු කාලයක් තිස්සේ ප‍්‍රදේශයේ තරුණයින්ට ගංජා අලෙවිකරමින් වෙළදසල පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd