IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මසුන් මැරීමට ගිය හිටපු හමුදා සෙබළා කලා ඔයට වැටී මරුට

පුත්තලම - ජුඩ් සමන්ත.
කලාඔයේ මසුන් මැරීමට ගිය හිටපු
යුද හමුදා සෙබළෙක් දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව සාලිය‍වැව පොලීසිය කියයි.


මිය ගොස් ඇත්තේ සාලියැවව - නීලබැම්ම පදිංචිව සිටි ලියනාරච්චිලාගේ ගාමිණී ජයරත්න (අවු:43) නම් අයෙකි.


මිය ගොස් ඇති අය අවසන් වරට කුරුණෑගල - මල්කඩුවාව පිහිටි යුද හමුදා කඳවුරේ සේවය කර ඇති අයෙකි.පසුව ඔහු වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන්  ඉවත් වී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසුව කලාඔයේ මසුන් මැරීම ජීවන වෘත්තිය ලෙස ඔහු සිදු කර ඇති බව කියති.


06 වැනිදා දහවල් ඔහු මසුන් මැරීම සදහා ගොස් ඇති නමුත් එදින සවස් වන තුරු ඔහු ආපසු නිවසට පැමිණ නැත.ඔහුගේ පිරිද විසින් මේ බව සාලියවැව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත.


07 වැනිදා පෙරවරුවේ අතුරුදහන්වී සිටි අයගේ සිරුර කලාඔයේ තිබී ගම්වාසීන් විසින් සොයා ගෙන ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.


සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (0)

මසුන් මැරීමට ගිය හිටපු හමුදා සෙබළා කලා ඔයට වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31621 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14025 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11097 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site