සඳලංකාව - හේමලතා ඩී හේවගේ
කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ තලම්මැහැර දෙබරලියද්ද මංසන්ධියේදී අද 07 උදෑසන 6 00 ට පමණ බොරළු පැටවූ ටිපර් රථයක් යතුරුපැදියක හැපී යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා එම ස්ථානයේදිම මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ මාහොලව ප්‍රදේශයේ පදිංචි වැලිකන්දගමගේ ප්‍රියන්ති මධුරාණි නැමති තිස් හැවරිදි දෙදරු මවක් වන ඇය ඇඟුඵම් කර්මාන්තශාලාවක සේවයට යාම සඳහා තම සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
ගිරිඋල්ල පන්නල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd