(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු සමඟ මත්ස්‍ය උගුල් 800 ක් අද (08) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
නන්දිකඩාල් කලපුවේ මසුන් ඇල්ලීම සඳහා අනවසර කූඩ විශේෂයක් යොදා ගනිමින් මසුන් ඇල්ලීම සිදුවන බවට මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් අලුයම කළ විශේෂ වැටලීමකදී මෙම කූඩ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
එම අනවසර කූඩ යෙදීමෙන් මත්ස්‍ය බිත්තර විනාශ වන අතරම මාළු පැටව්ගේ සිට කූඩ වලට හසුවීමෙන් මත්ස්‍ය ගහණය විනාශ වී යාම හේතුවෙන් මෙම කූඩ භාවිතය ධීවරයින්ට තහනම් කොට තිබුණී.
අත්අඩංගුවට ගත් ධීවරයින් දෙදෙනා මුලතිව් පොලීසියට භාර දී ඇති අතර අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වසර 5 වත් අනිවාර්ය සිරදඩුවම් ලබා දෙන්න අනෙක් අයට පාඩමක් ඉගෙන ගන්න