ගිනි අවි සහ උණ්ඩ සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට වෙන්නප්පුව සිරිගම්පොළ ප්‍රදේශයේ දී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනකු අද (12) සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි. 12 April 2018
මළවුන් සමඟ මිතුරුව ජීවතුන් අතර සිටින තම සහෝදර සහෝදරියන් සමඟ වාසය කිරීමට නොහැකිව මළවුන් අතර වසර 4 ක කාලයක සිට ජීවත්වන අපූරු පුද්ගලයකු ගලේවෙල පුවක්පිටිය පොදු සුසාන භූමියේ සිටියදී අපට හමුවිය. 12 April 2018
ඇගලුම් කම්හලෙන් රෙදී සොරාගත් තිදෙනෙක් කොටුවෙති බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දියේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 5 කට අධික රෙදි සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 12 April 2018
හබරාදුවේ බුරු පොළක් වටලා 5 ක් අත්අඩංගුවට හබරාදුව පිලාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බූරු පිටියක් අද (12) අලුයම වටලා මුදලට ඔට්ටු අල්ලමින් බුරුවා ගැසූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 12 April 2018
යතුරුපැදියේ යමින් සිටි අයෙක් අකුණු සැර වැදී රෝහලට තම බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (11) සවස කොග්ගලදී අකුණුසැර වැදී තුවාල ලැබූ පුද්ගලයකු කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 12 April 2018
මත්ද්‍රව්‍ය අලෙවි කළ අයෙක් සැකපිට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක් (24) හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි. 12 April 2018
වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වෙලා අධික වර්ෂාව සමඟ ඇතිවූ අකුණු හේතුවෙන් ගාල්ල වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ පාලක පුවරුවල විදුලිය විසන්ධි වී ඇත. 12 April 2018
අනවසර විදුලි රැහැනක පැටලී සාත්තු සේවකයකු මරුට අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක පැටලී හීවැල්කඳුරේ පදිංචි රෝහල් සාත්තු සේවකයකු මිය ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය කියයි. 11 April 2018
රන්මල්විලගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ පුත්තලම වනාතවිල්ලුව සමගිපුර ඉදිවූ රන්මල්විලගම 56 වැනි ආදර්ශ ගම්මානය නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්විය. 11 April 2018
කඩුගන්නාව බලය පොහොට්ටුවට ආරම්භයේ සිට එක්සත් ජාතික පක්ෂය සතුව තිබූ කඩුගන්නාව නගරසභාවේ බලය මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සතු විය. 11 April 2018
කැකිරාව සභාපති පුටුවට පොහොට්ටුව ඇතුළේ තරගයක් කැකිරාව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් බණ්ඩාර හේරත් මහතාද උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම එල්.එන්.සි.හලීම් මහතාද අද (11) තේරි පත්විය. 11 April 2018
හලාවත ප්‍රා.සභාවේ සභාපතිගේ යෝජනාව පරාජයට හලාවත ප්‍රාදේශීය සභාවේ මංගල සභා වාරයේ දී පොදු කාරක සභාව පත් කිරීම සඳහා සභාපතිවරයා ගෙන එන ලද යෝජනාව අද (11) වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. 11 April 2018
විනයගරුකව කටයුතු කරන්නැයි පන්නල සභාපති ඉල්ලයි විදුලි පහන් 5000 ක් විතර හදන්න තියෙනවා. පාරවල් රුපියල් කෝටි හතරක හතර හමාරක විතර හදන්න තියෙනවා. 11 April 2018
රන්මාල කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට ඌරුබොක්ක ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කැඩූ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය කියයි. 11 April 2018
‘ලිදුල නගර සභාවට ලක්ෂ 37 ක බදු අය වී නෑ’ - සභාපති ගතවු වසර දෙකහාමාරක කාලයක් පළාත් පාලන ආයතනවල නිසි පාලන බලයක් නොමැතිකම හේතුවෙන් තලවාකැලේ ලිදුල නගර සභාවට පමණක් ලක්ෂ 37 ක බදු මුදල් අයව නොමැති බව තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා අවධාරණය කරයි. 11 April 2018
සේරුවිල ප්‍රා.සභා පුටුව එජාපයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසිමේදි එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වී එහි සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපති ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබාගනු ලැබුහ. 11 April 2018
මුදල් පසුම්බි සොරා ගන්න ගිය එකම පවුලේ තිදෙනෙක් සැකපිට අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් ගත් කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරා ගෙන පලා යාමට තැත්කළ කාන්තාවන් තිදෙනෙකු අද (11) උදෑසන හෝමාගම දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. 11 April 2018
අවරුදු නැති පවුල් 50 කට අවුරුදු සිංහල අලුත් අවුරුදු නැකතට ආහාර අනුභව කරන්නට නොහැකිව සිටි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක ජනතාවට අවුරුදු කෑම සඳහා වියළි ආහාර බඩුමලු 50 ක් බෙදා දීමේ උත්සවයක් ඊයේ (10) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. 11 April 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ 8 කට නඩු උත්සව සමයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි හලාවත නගරයේ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. 11 April 2018
උඩුනුවර බලය එජාපයට උඩුනුවර ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගාමිණි තෙන්නකෝන් මහතා අද (10) තේරී පත්වූ අතර උප සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එස් එම් එස් එම් සෆ්වාන් මහතා තේරී පත්විය. 10 April 2018
ප්‍රතිපාදන කතාවකින් බෝපෙ ප්‍රා සභාව උණුසුම් වෙයි බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම අද (10) පැවැති අතර එහි දී සභාවේ මන්ත්‍රීවරුන්ට මුදල් ප්‍රතිපාදන වෙන්කරන ආකාරය සාකච්ඡාවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 10 April 2018
ත්‍රීරෝද රිය මතට ගසක් වැටි හතරකට තුවාල අධික වර්ෂාවත් සමග දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලන්ද ප්‍රදේශයේ දී අද (10) දියදාව රක්ෂිතයේ තිබූ විශාල ලුනු මිදෙල්ල ගසක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට කඩා වැටීමෙන් එහි ගමන් ගත් රියදුරු ඇතුළු සිවු දෙනෙකු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 10 April 2018
පොල් ගසෙන් වැටී පුද්ගලයෙක් මරුට හාලිඇල - බෝගොඩ පනාකන්නිය ප්‍රදේශයේ පොල් කැඩීම සඳහා පොල් ගසකට නැගි පුද්ගලයෙකු අද (10) පොල් ගසෙන් වැටී මිය ගොස් ඇතැයි හාලිඇල පොලීසිය කියයි. 10 April 2018
මිල්ලවිටියේ අනතුරකින් රත්නපුර සිවම් කෝවිලේ කුරුක්කල් මරුට රත්නපුර කොළඹ ප්‍රධාන පරේ කුරුවිට මිල්ලවිටිය බෝධිය අසල දී අද (10) සිදු රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර වරකතොට පාරේ සිවම් කොවිලේ කුරුක්කල්වරයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව කුරුවිට පොලීසිය කියයි. 10 April 2018
නැගෙනහිර සභා පිහිටුවන්න දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය එක්වෙයි නැගෙනහිර පළාතේ බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය ලබාගැනිමේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟත්වයක් ඇතිකර ගත්බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය. 10 April 2018
කේරල ගංජා කොළඹ රැගෙන ආ තරුණයෙක් සැකපිට මුලතිව් මල්ලාවි සිට කොළඹට ඉතා සූක්ෂමව රැගෙන යමින් තිබූ කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 25 ක් හා සැකකරුවෙක් ඊයේ (9) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කියයි.00000000000 10 April 2018
ලක්ෂ පහක කේරල ගංජා තොගයක් අත්අඩංගුවට කිලිනොච්චිය සිට අනුරාධපුර දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ හතරයි ග්‍රෑම් 25 රැගෙන යමින් සිටි පුද්ගලයකු පෙරේදා ඊයේ (9) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 10 April 2018
කෝපාවලි කැලෑවක අතරමං වු අලි පැටියෙක් සොයා ගනී නැගෙනහිර වනජීවී කලාපයේ මඩකලපුව කෝපාවලි ප්‍රදේශයේ කැලෑවක අතරමං වී සිටි කුඩා අලි පැටෙවෙක් සොයා ගැනිමට කිරාන් වනජීවී කාර්යාලයේ නිලධරයන් සමත් වී තිබේ. 10 April 2018
ගිනි අවියක් සහ දඩමස් තොගයක් සමඟ අයෙක් සැකපිට බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ දඩ මස් කිලෝ ග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය කියයි. 10 April 2018
දංගෙදර රෙදී වෙළඳසලක ගින්නක් ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් ගබඩාවක අද (10) අලුයම හතරට පමණ ඇතිවු ගින්නකින් එම රෙදි ගබඩාවේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා නිමි ඇඳුම් සහ රෙදි තොගයක් විනාශවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 10 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025