(කාංචන කුමාර ආරියදාස)
සිංහල අලුත් අවුරුදු නැකතට ආහාර අනුභව කරන්නට නොහැකිව සිටි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 50 ක ජනතාවට අවුරුදු කෑම සඳහා වියළි ආහාර බඩුමලු 50 ක් බෙදා දීමේ උත්සවයක් ඊයේ (10) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
එක් පවුලකට රුපියල් 5000 බැගින් වූ බඩුමල්ලක් ලබාදීම මෙහිදී සිදුවිය.
ඉතා අසරණ වූ පවුල් 50 ක් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිය පොලිස් නිලධාරීන් යොදවා සොයා බලා ඔවුන් මෙම අවස්ථාවට යොමු කිරීම විශේෂත්වයකි.
රංගිරි දඹුලු රජමහ විහාර හා විෂ්ණු දේවාලයේ භාරකාර රංගිරි දඹුල්ල මැද පන්සලේ අධිපති සිරි වළගම්බා මහ පිරිවෙන් අධ්‍යක්ෂ අඹගස්වැවේ රාහුල මහ නාහිමියන්, සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන්, සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මාතලේ ප්‍රධාන සංඝනායක දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හල්මිල්ලවැව ප්‍රේමරත්න නාහිමියන්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ අනුශාසක හා දඹුල්ල අතුපාර යාය ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අලුත්ගම උපනන්ද නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවාපතිරණ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැවුල, මේ සඳහා සුවිශාල වූ කැපකිරීමක් කළ ව්‍යාපාරික සී.එස්.සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවුරුදු බඩුමලූ ප්‍රදානය කිරීම සිදු කිරීම විශේෂත්වයකි.
දඹුල්ල පහලවැව ලයන් හාට් තරුණ සංවිධානයයේ තරුණයන් විසින් මෙහි උත්සවය සංවිධානය කර තිබිණි


2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අවරුදු නැති පවුල් 50 කට අවුරුදු