(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර වනජීවී කලාපයේ මඩකලපුව කෝපාවලි ප්‍රදේශයේ කැලෑවක අතරමං වී සිටි කුඩා අලි පැටෙවෙක් සොයා ගැනිමට කිරාන් වනජීවී කාර්යාලයේ නිලධරයන් සමත් වී තිබේ.
මවගෙන් මග හැරැණු මෙම අලි පැටියා හරක් රංචුවක සිටින බවට තොරතුරු ලැබීමෙන් පසුව කිරාන් වනජීවි කාර්යාලයේ නිලධාරින් මෙම අලි පැටියා අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකය වෙත බාර දී තිබේ.
වයස මාසයක් පමණ වෙන මෙම අලි පැටියා දැනට අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතාගේ අධික්ෂණය යටතේ වනජීවි අඩවි සහකාර කිත්සිරි මෙවන් මහතා ඇතුළු නිලධාරින් කිරි ආහාර ලබාදෙමින් රැක ගනිමින් සිටියි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් !