(කාංචන කුමාර ආරියදාස)
ජීවතුන් අතර සිටින තම සහෝදර සහෝදරියන් සමඟ වාසය කිරීමට නොහැකිව මළවුන් අතර වසර 4 ක කාලයක සිට ජීවත්වන අපූරු පුද්ගලයකු ගලේවෙල පුවක්පිටිය පොදු සුසාන භූමියේ සිටියදී අපට හමුවිය.
ප්‍රියන්ත ලාල් ජයවර්ධන මහතා (43) එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඔහු මීට වසර හතරකට ඉහතදී ඥාතීන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඉවත්ව සිය පියා මිහිදන් කළ පුවක්පිටිය පොදු සුසාන භූමියේ මළවුන් සමඟ ජීවත් වීමට පැමිණි බව පැවසීය.
ප්‍රියන්ත ලාල් ජයවර්ධන මහතා අප සමඟ පැවසුවේ තම පියා 1983 වසරේ මියයෑමෙන් පසු සහෝදර සහෝදරියන් පියාට අයත් ඉඩකඩම් නිවාස සියල්ල අත්පත් කරගෙන තමාව එළියට දැමූ බවයි. සිය පියා ජීවතුන් අතර සිටියදී තමන්ට ලබාදුන් උපදෙස් මත එනම් සහෝදර සහෝදරියන් නොසළකා හරින්නේ නම් තමන්ගේ වල ළඟට පැමිණ සිටින ලෙස කිවු බව හෙතෙම කීය.
ඔහු සුසාන භූමියේ සිය පියාගේ මළ සිරුර භූමිදානය කළ ස්ථානය ආසන්නයේ ගසක් යට දීවා රාත්‍රී කාලය ගෙවන අතර වැසි දිනයන් හිදී සුසාන භූමියේ ඉදිකොට ඇති මළ සිරුරු තබන පුංචි කුටියේ නිදාගන්නා බව පැවසීය.
ප්‍රියන්ත ලාල් මෙහි තවත් අපූරු වැඩක් කරමින් සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. එනම් රාත්‍රී කාලයට ගිණිමැලයක් පත්තු කර ගන්නා බවත් එය උදේට අලු අඟුරු සමඟ අඩියක පමණ වලක් හාරා ඉවත් කිරීම සිදු කරනු ලබයි. එසේ වසර 4ට ඉවත් කළ වළේ ගැඹුර අඩි අටකට වඩා වැඩිය. ඔහු සඳහන් කර සිටියේ තමන් මියයෑමෙන් පසු එම වලේ භූමිදාන කරන ලෙස ගම්මුන්ට දැනුම් දී තිබෙන බවයි.
තමන් විවාහ වී සිටිය ද බිරිඳ රැගෙනවිත් ජීවත් වන තැනක් නොමැති නිසා බිරිඳ ඇයගේ ආබාධිත සහෝදරයකු රැකබලා ගැනීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජීවත්වන බවත් සඳහන් කර සිටියි.
ඔහුට ජීවිතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද ජීවත්ව සිටින මිනිසුන්ට වඩා මියගිය මිනිසුන් කිසිදු කරදරයක් නොමැති බවත් ඔවුන් සමඟ ජීවත්වීමට හැකි බවත් හෙතෙම අප සමඟ පැවසීය.
නගරයට ගොස් කුමන හෝ රැකියාවක් සිදුකර දවසේ ආහාර වේල පමණක් සොයා ගන්නා ඔහු මීමැස්මොරය රෝගයට ප්‍රතිකාර ලබන බව සඳහන් කළේය.
බලාපොරොත්තු රැසක් පොදි ගන්වාගෙන ජීවිතේට මුහුණ දෙන වකවානුවක මරණයට කැප වී මළවුන් සමඟ ජීවත්වෙන ලාල් ජයවර්ධන මහතාගේ ජීවන කතාවෙන් බොහෝ සමාජ අසාධාරණකම් පවුල්වල අසමගිකම් රැසක් පිළිබිඹු වෙන බව ප්‍රදේශවාසීහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුද්ගලයාට ධර්ම කරුණු පහදා දී ඔහුට බුදු දහමේ සාරවත් කෙතට පැමිණෙන්නට කිසියම් භික්ෂුන් වහන්සේ නමක් මැදිහත් වන්නේනම්, එය වූ කලි මහත් පින් ඇති ව්‍යායාමයක් සේ දකිමි.
මේකනම් හරිම කණගාටුදායක අහන්නවත් කැමති නැති කතාවක්. බොහෝ විට සහෝදරකම තියෙන්නේ ලේවල විතරයි. හදවතේ නැහැ. මේ මනුස්සයා ගහ බැනගන්නේ නැතිව සුසාන භූමියක ඉන්න එකෙන් කරන සේවය අපමණයි. එහෙම නොවූනම් රෝහල,පොලිසිය , උසාවිය, සමාජයට තිබෙන්ඩ තිබුන කරදර ගොඩක් තියෙන්න තිබුනා. කාටවත් කරදරයක් නොමැතිව මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. එත් කාටවත් නොහැකිද මේ මනුස්සයට යහතින් ඉන්න විදිහක් හදල දෙන්න.
ධර්ම කරුණු කියල දුන්නට වැඩක් නැහැ මෙතුමගෙන් ගන්න දෙයක් නැහැ.
මේ මනුෂ්‍යයට උදව්කරන්න පින් සිදුවේවි. ජිවිතයක් මෙහෙම අපරාදේ වෙන්න එපා