( සුමතිපාල දීයගහගේ )
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් ගබඩාවක අද (10) අලුයම හතරට පමණ ඇතිවු ගින්නකින් එම රෙදි ගබඩාවේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා නිමි ඇඳුම් සහ රෙදි තොගයක් විනාශවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ගින්න හටගත් පසු ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය සහ ගාල්ල නාවික හමුදා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත. ගින්නෙන් මසා නිමකර තිබූ ඇඳුම් තොගයක් සහ ඇඳුම් මැසීමට ගන්නා රෙදි තොගයක්ද විනාශ වී තිබේ.
මෙම රෙදි ගබඩාව දංගෙදර ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හලකට අයත් එකකි. ගින්න හටගත් අන්දම මෙතෙක් අනාවරණය වී නැති අතර විදුලි කාන්දුවීමකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපු ඇදුම් විකුණගන්න බැරුව ලත වෙනකොටම රක්ෂණය මතක් වුනා !