(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මල්ලාවි සිට කොළඹට ඉතා සූක්ෂමව රැගෙන යමින් තිබූ කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 25 ක් හා සැකකරුවෙක් ඊයේ (9) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කියයි.
මල්ලාවි සිට බස් රථයකින් කොළඹ බලා යමින් සිටි තරුණයෙක් වව්නියාව නව බස්නැවතුම්පළේ දී බස් රථයෙන් බැස ඇවිදිමින් සිටියදී වව්නියාව පොලිස් දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර තරුණයා සෝදිසි කිරීමේදී මල්ලක සඟවා තිබූ අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd