(ජුඩ් සමන්ත)
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මත්කුඩු අලෙවි කිරීමේ නිරතව සිටි පුද්ගලයෙක් (24) හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.
මාරවිල - තල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු එක් දරු පියෙකි. බිරිඳ විදේශ ගත වී සිටින බව විමර්ශන වලදී හෙළි වී ඇත.
කොළඹ සිට හොර රහසේ හෙරෝයින් මත්කුඩු ගෙනවිත් විවිධ ස්ථානවල සිට අලෙවි කිරීම සැකකරු විසින් සිදුකර තිබේ.
ඔහු වැඩි වශයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වී ඇත්තේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන බවත් විමර්ශන වලදී හෙළිවී ඇත.
සැකකරු අධික ලෙස හෙරෝයින් මත්කුඩු පාලනට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd