(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් ගත් කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරා ගෙන පලා යාමට තැත්කළ කාන්තාවන් තිදෙනෙකු අද (11) උදෑසන හෝමාගම දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා එකම පවුලේ මව,දියණිය සහ ලේලිය වේ.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් තිදෙනා ඉතා අලංකාර ලෙස ඇද පැළඳ රන් ආභරණ වලින් ද සැරසී බස් රථවලට නැග සුරුපී ලේලිය අදාළ මගීන් සමඟ කතා බහට යොදවා මගීන්ගේ මුදල් පසුම්බි සොරකම් කර බස් රථයට පිටු පසින් පැමිණෙන තී‍්‍ර රෝද රථයක නැගී පලා යන ආකාරයට මනා සංවිධානාත්මකව මෙම මුදල් පසුම්බි සහ රන් මාල හොරකම සිදුකර ගෙන ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd