IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සේරුවිල ප්‍රා.සභා පුටුව එජාපයට


 
අමදෝරු අමරජීව
 
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට  බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් සිටියදී සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසිමේදි  එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්වී එහි සභාපති ධූරය  එක්සත් ජාතික පක්ෂයටත් එහි උප සභාපති ධූරය එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලබාගනු ලැබුහ.

මේ සඳහා පැවති ඡන්ද විමසිම පළාත් පාලන කොමසාරිස්  එම්.වයි.සලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සේරුවිල ප්‍රාදේශීය සභා ගර්භයේදි පැවැත්විණි. 

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මන්ත්‍රී කොඩිකාර ආරච්චිගේ කුමාරසේන මහතා නැගිට සභාපති සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මියගේ නම යෝජනා කළ අතර  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ  මන්ත්‍රී නලින්ද සම්පත් ප්‍රියදර්ශන මහතා ස්ථිර කළේය. එහිදි නැගී සිටි කේ.පි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණෙන්  සභාපති අපේක්ෂකයා ලෙස වීරසිංහ ආරච්චිගේ ජයසිරි මහතාත් එක්සත් ජාතික පක්ෂයෙන්  ඇරැව්පොලගෙදර  රණසිංහ  බණ්ඩා මහතාත් ඉදිරිපත් වු අතර එහිදි පොදුජන පෙරමුණේ ඡන්ද 6 ක් ලබාගත් අපේක්ෂකයා පරදා  එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 10ක් ලබාගත්  රණසිංහ බණ්ඩා මහතා ජයග්‍රහණය කළේය. 

උප සභාපති  තේරිමේදි  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කේ.වි.ඒ.චන්ද්‍රකාන්ති මහත්මිය හා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නලින්ද සම්පත් ප්‍රියදර්ශන  මහතා අතර පැවති තරගයේදි  චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්ද 10ක් ලබා උප සභාපති ලෙස තේරී පත්විය. 



අදහස් (0)

සේරුවිල ප්‍රා.සභා පුටුව එජාපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site