(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර කොළඹ ප‍්‍රධාන පරේ කුරුවිට මිල්ලවිටිය බෝධිය අසල දී අද (10) සිදු රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර වරකතොට පාරේ සිවම් කොවිලේ කුරුක්කල්වරයා රත්නපුර මහ රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව කුරුවිට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුබ‍්‍රමනියම් පට්ටර් කෛලාසනාදන් නැමැති 56 හැවිරිදි තැනැත්තෙකි. ඔහු කලක් යාපනයේ කෝවිලක ද සේවය කළ අයෙක් බව කුරුවිට පොලීසියට පැමිණ සිටි ඔහුගේ ඥාතීහු පවසති.
ටැංකි ලොරියක් පාරට ගෙන දොඹකරයකින් කුරුවිට පොලිස්ථානයට ගෙන ඒමට සූදානම් කරද්දී මියගිය කුරුක්කල්වරයා පැදවූ අනතුරටපත් වෑන් රථය මාර්ග අනතුරු සංඥා ද නොතකා කොළඹ දෙසින් පැමිණ මුලින් අනතුරට පත් ටැංකි ලොරියේ වැදී ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd