(රවින්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව සිරිගම්පොළ ප්‍රදේශයේ දී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනකු අද (12) සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මොවුන් භාවිතා කළ බව කියන බෝර 12 ගිනි අවියක් එයට යොදන උණ්ඩ 5ක්, පිස්තෝල උණ්ඩ 2ක්, සෙල්ලම් පිස්තෝල 2ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මත්කුඩු ජාවාරම් කිරිම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරුවකුගේ සගයන් සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd