යක්කලමුල්ල පොලිසියට එරෙහිව විරෝධතාවයක් තෙල්ලඹුර ප්‍රදේශයේ නිවාස දෙකකට හා වාහන කිහිපයකට පහර දී පුද්ගලයින් හය දෙනෙකුට තුවාල කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස යක්කලමුල්ල පොලිසියට බල කරමින් අද (24) ප්‍රදේශවාසීහු විරෝධතාවයක නිරත වුහ. 24 April 2018
දුම්වැටි ගෙන ආ චීන ජාතිකයෙක් කොටවිලින් අත්අඩංගුවට රේගු නීති උල්ලංඝණය කරමින් චීන ජාතිකයකු මෙරටට රැගෙන ආ රුපියල් හාරලක්ෂ අසූපන් දහසක් වටිනා දුම්වැටි තොගයක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය කියයි. 24 April 2018
දැරිය දුෂණය කළ මාමා අත්අඩංගුවට දහතුන් හැවිරිදි පාසල් දැරියක් ගැබනියක් බවට පත් කළ ඇගේ මාමා අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි. 24 April 2018
අඹූසැමි යුවළක් කපා කොටා තුවාල කළ තිදෙනෙක් අත්අඩංගුවට බොරලැස්ස ප්‍රදේශයේ නිවසකට පැන එහි සිටි අඹුසැමි යුවළක් තියුණු ආයුධවලින් කපාකොටා පලා ගොස් සැඟව සිටි තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 24 April 2018
කරුවලගස්වැව පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට යතුරුපැදියක කුඩා දරුවෙකු ගැටී තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 24 April 2018
ගිංතොටින් නාඳුනන පුද්ගලයකුගේ මල සිරුරක් ගිංතොට තුනි ලැලි සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ තිබි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ගාල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත. 23 April 2018
තලවාකැලේ ගව ඝාතනාගාරයක් පවතාගෙන ගිය අයෙක් අත්අඩංගුවට කූට ලේඛන සකස් කරමින් තලවකැලේ ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 April 2018
හැටන් ඩිපෝවට උත්සව සමයේදී එක්කෝටි හැට ලක්ෂයක ආදායමක් උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව රුපියල් එක්කොටි හැට ලක්ෂයක අදායමක් උපයාගත් බව එම ඩිපොවේ ඩිපෝ පරික්ෂක රෝහණද සිල්වා මහතා පවසයි. 23 April 2018
ලුණුවිල පොළේ අබිරහස් මරණයක් ලුණුවිල පොළ භූමියේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. මෙසේ මියගොස් ඇත්තේ ෆිලික්ස් ඇන්ටනි නැමති 57 හැවිරිදි අයෙකි. 23 April 2018
මස් කෑල්ලක් හල්දුම්මුල්ල කතකට මරු කැඳවයි මස් කැබැල්ලක් උගුරු හිරවීමෙන් හල්දුම්මුල්ලේ කාන්තාවක (58) අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 22 April 2018
සරසවි සිසුවියක් උඩුමහලෙන් වැටී රෝහලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ සිසුවියක නේවාසිකාගාරයේ තෙවැනි මහලින් වැටි රෝහල් ගත කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි. 22 April 2018
හලාවත මැරවල කළපුවේ මසුන් මිය යෑමේ අවදානමක් හලාවත මැරවල කලපුවෙහි ජීවත් වන ජලජ ජීවීන් විශල වශයෙන් මිය යන්නට පටන් ගෙන ඇති අතර මේ වන විට කලපුවෙහි කොටු තුළ ඇති කරනු ලබන මොදා මත්ස්‍යයන් ද සමිර්ණයෙන්ම මිය යාමෙන් තමන්ට රුපියල් කෝටි එකහමාරකට ආසන්න පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව එම මත්ස්යය වගාකරුවෝ පවසති. 22 April 2018
ලක්ෂ 35ක පී.වී.සී. බට සොරාගත් අයෙක් අත්අඩංගුවට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතන රවටා රුපියල් ලක්ෂ 35 අධික වටිනාකමන් යුත් පි.වි.සි බට වංචනික ලෙස ලබාගත් ව්‍යාපාරිකයකු වවුනියාව, කූමන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 22 April 2018
තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට කරුවලගස්වැව හතේ කණුව මී ඔය ආසන්නයේ අතුරු මාර්ගයක ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (22) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි. 22 April 2018
ලක්ෂ තුනක කේරල ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා බස් රථයකින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයකු වවුනියාව නගරයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 22 April 2018
පොළොන්නරුව ජාතික වනෝද්යනයන් හි අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් කවුඩුල්ල මින්නේරිය සෝමාවතිය අංගමිමැඩිල්ල සහ ගිරිතලේ ඇතුළු ජාතික වනෝද්‍යාන තුළ සිටින අලි ඇතුන්ට මුඛ සහ කුර රෝගයක් වැළදිමේ තත්වයක් ඇති බව 22 April 2018
සැල්වීනියා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරති පරාක්‍රම සමුද්‍රයේ පාසි (සැල්විණියා) වැඩිවීම නිසා ප්‍රදේශයේ ධීවර හා ගොවි ජනතාව දැඩි ලෙස අපහසුවට පත්ව තිබේ. 22 April 2018
කංසා සමඟ මාදිපොලින් අයෙක් අත්අඩංගුවට ගලේවෙල මාදිපොල ප්‍රදේශයේ දී කේරල කංසා ජාවාරමක නිරතවු පුද්ගලයකු සමඟ කංසා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 22 April 2018
කුස්සියේ පොරණුවෙන් වැටී දරුවෙක් මරුට පුත්තලම මුක්කුතොඩුවාව වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක කුස්සියේ පෝරණුව මත සිට සෙල්ලමි කරමින් සිටි දරු දෙදෙනෙකුගෙන් එක් දරුවෙකු ඉන් බිමට වැටි මියගොස් ඇතැයි මුන්දලම පොලිසිය පවසයි. 22 April 2018
මුලතිව් රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ හදිසියේ ඇති වූ ගින්නකින් අක්කර 50 ක් පමණ ගින්නෙන් විනාශ වූ අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන්ගේ මැදිහත් වීමෙන් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවත්වීමට හැකි විය. 22 April 2018
“ඕළු මරා” ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට මිනිස් ඝාතන දෙකක් ඇතුළු අපරාධ රැසක් සිදු කර ඇති “ඕළු මරා” නමින් හදුන්වන සැකකරුවෙකුව සහ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු හලාවත කොට්ඨාෂ විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සහ කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 April 2018
ධීවර ආම්පන්න වලට ගිනි තැබීමෙන් ලක්ෂ එක හමාරක අලාභයක් ගාල්ල සතිපොල පිටුපස මුහුදු වෙරළේ නතර කර තිබූ ධීවර බෝට්ටුවකට සහ එහි තිබූ දැල් ආම්පන්නවලට ගිනි තබා රුපියල් එක් ලක්ෂ හතලිස් පන් දහසක අනර්ථයක් සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 21 April 2018
වේවැල් දළයා ඇතුළු වන අලි 6 කට වෙඩි දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ කුඩා වේවැල් දළයා නමින් හඳුන්වන ඇත් පැටවාට කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා එක් ඉදිරි පාදයකට තුවාල සිදුවී ඇතැයි සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. 21 April 2018
මැදවච්චියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට මැදවච්චිය ගිරා කෑත්තෑව ප්‍රදේශයේ දී අද (20) සිදු වූ රිය අනතුරකින්, මීට දින 15කට පෙර විවාහ ගිවිසගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 20 April 2018
උතුරුමැද ගුරු සංගම් 8 ක් මානව හිමිකම් කොමිසමට නිති විරෝධිව සහ අවධිමත් අයුරින් උතුරු මැද පළාතේ පාසල් වල විදුහල්පතිවරු ස්ථාන මාරු කිරිමේ ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙස උතුරු මැද අධ්‍යාපන බලධාරින්ට නියෝග කරන ලෙස 20 April 2018
බගවන්තලාව වතුකම්කරුවෝ උද්ඝෝෂණයක් බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතුයායේ වතු කම්කරුවෝ අද (20) වැඩවර්ජනය කරමින් උද්ඝෝෂණයක් ඇරඹුහ. 20 April 2018
ස්ථිර පත්වීම් නොලද ස්වෙච්ඡා ගුරුවරුන් 500ක් උතුරේ උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් 500 කට අධික පිරිසක් මේ වන විට සිටින නමුත් ඔවුගේ පත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් මානසිකත්වය පහත වැටී හේතුවෙන් සිය දිවි හානි කර ගැනීමේ අවදානමකට ලක්ව ඇතැයි උතුරේ ස්වේච්ඡා ගුරු සංගමය පවසයි. 20 April 2018
සබරගමුව නව ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය අද (20) පෙරවරුවේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද රත්නපුර නව නගරයේ පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය තනතුරේ වැඩ බාරගත්තාය. 20 April 2018
හොර සල්ලි වලට ‘අපුර‘ සතොසෙන් භාණ්ඩ ගත් අයෙක් සැක පිට අනුරාධපුර රජයේ ස.තො.ස ආයතනයට ගොස් රුපියල් පන්දහසක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදි භාණ්ඩ මිලදි ගැනිමට තැත්කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. 20 April 2018
බඹර ප්‍රහාරයකින් අයෙක් රෝහලේ බඹරුන්ගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (19) සවස මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත. රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කලුගහකදුර ගම්මානයේ 55 හැවිරිදි පුද්ගලයෙකි. 19 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025