සතුන්ගෙන් ගොවිබිම් රකින්න විශේෂ ‘වැට වර්ග‘ දෙකක් මධ්‍යම පළාතේ ගොවි බිම්වලට වන සතුන්ගෙන් සිදුවන වන හානි වළක්වා ගැනීම සඳහා විශේෂ ‘වැට වර්ග‘ දෙකක් හඳුන්වා දී ඇති බවත් එම ‘වැට වර්ගි සහන පදනම මත පළාතේ ගොවීන් වෙත ලබා දෙන බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය. 03 May 2018
වැසි සහිත සුළඟින් මාන්කුලමේ නිවාස රැසකට හානි මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාන්කුලම් ප්‍රදේශයට ඊයේ (2) සවස ඇති වූ සුලි සුළං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට බරපතල හානි සිදුව පවුල් කිහිපයක් විපතට පත්ව ඇති බව මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි. 03 May 2018
තණමල්විල අනතුරකින් තරුණයෙක් මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ගංගාරාම පිරිවෙන අසලදී අද (3) අලූයම වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි. 03 May 2018
හිමි නමකගේ මුදල් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට අනුරාධපුර පූජනිය ස්ථාන වැද පුදා ගැනිමට තිස්සමහාරාමයේ සිට පැමිණි වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ නමක ගෙන් රුපියල් හතලිස් පන්දහසක මුදලක් මංකොල්ල කැවේ යැයි කියන සිද්ධයක් සම්බන්ධයෙන් අද (3) සැකපිට ත්‍රි රෝද රථ රියදුරෙක් සහ ත්‍රි රෝද රථ දෙකක් අත් අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 03 May 2018
සුපිරි රථයෙන් කේරල ගංජා ඇද්ද දෙදෙනක් අත්අඩංගුවට සුඛෝපභෝගී මෝටර් රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට බාර දී තිබේ. 03 May 2018
කිරි ගොවීන් කොටගල දී විරෝධතාවයක මිල්කෝ සමාගමට අයත් කොටගල දියර කිරි සැපයීමේ මධ්‍යස්ථානයට කිරි සපයන කිරි ගොවීන් අද (02) එම මධ්‍යස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 02 May 2018
රක්ෂිතයේ වැලි කැපු අයෙක් අත්අඩංගුවට මදුනාගල රක්ෂිත භූමියේ වැලි කපා ට්‍රැක්ටරයකට පටවමින් සිටි අයෙකු අද (02) වන ජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 02 May 2018
විශ්‍රාමික සෙබළාගේ මාලය කොල්ල කෑ දෙන්නෙක් අත්අඩංගුවට ගාල්ල කනම්පිටියේ පදිංචි අබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු නිවසට කඩා වැදී එම සෙබළාගේ ගෙලේ තිබූ රුපියල් 95000 ක් වටිනා රන් මාලයක් කොල්ලාකා පලා ගිය කොල්ලාකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 02 May 2018
මුලතිව් රක්ෂිතයේ කැලෑවක් හදිසියේම ගිනි ගනී මුලතිව් තඩ්ඩුවාන් රක්ෂිත කැලෑවක හටගත් ලැව් ගින්නක් 64 වැනි සේනාංකයට අයත් 642 වැනි බලසේනාවේ සෙබළුන් මහත් පරිශ්‍රමයක් යොදා සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත්වී තිබේ. 02 May 2018
යක්කලදී වාහන හතරක් ගැටී අයකුට තුවාල යක්කල නගරයට නුදුරු කොළඹ දෙසට ඇති බස් නැවතුම්පොළ අසලදී අද සවස වාහන හතරක් ගැටීමෙන් බස් නැවතුම අසල සිටි අයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ. 01 May 2018
යාපනයේ ගුරුවරියකට මැර ප්‍රහාරයක් යාපනය කොකුවිල් ප්‍රදේශයේදී තියුණූ ආයුධ වලින් පහර කෑමට ලක්වු පාසල් ගුරුවරියක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 01 May 2018
ජවිපෙ මැයි රැළිය යාපනයේදී සැමරේ අදට යෙදී ඇති ලෝක මැයි දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ මැයි දින සැමරුම අද (01) යාපනය නගරයේදී පැවත්විණි. 01 May 2018
හක්කපටස් කෑ අලියෙක් මරුට හක්කපටස් කෑ වල් අලියෙකු රෝගාතුරවී ගල්නෑව මානේරුව අඹගස්වැව වැව් පිටියේ වැටී සිටියදී මිය ගොස් ඇතැයි වන ජීවී කාර්යාලය පවසයි. 01 May 2018
බුරුත දැව ප්‍රවාහනය කළ හත් දෙනෙක් අත්අඩංගුවට කිලිනොච්චිය කට්ටෙයිකාඩු ප්‍රදේශයේදී බුරුත දැව තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි. 01 May 2018
ගිරාදුරුකෝට්ටේ ඉඩමක නිධන හැරූ 7 ක් අත්අඩංගුවට ගිරාදුරුකෝට්ට පොලිස් වසමේ හොබරියාව,මීගහහේන ප්‍රදේශයේ පුරා විද්‍යා වටිනාකමක් ඇති ඉඩමක නිධන් හාරමින් සිටි 7දෙනකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 01 May 2018
පොලීසිය දැක පැන යාමට තැත් කළ පුද්ගලයෙක් මත්පැන් සමඟ අත්අඩංගුවට පොලීසිය පැමිණෙනු දැක නිවසේ සඟවා තිබූ කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා තොගයක් රැගෙන නිවසේ පසුපස දොරින් පලා යාමට තැත්කළ කන්දකැටිය, පල්ලේවෙල, වරාලන්ද ගම්මානයේ පුද්ගලයෙකු ගෝඩා සමඟ අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 01 May 2018
මින්නේරියෙන් ආ වනඅලි රංචුවක් මොරගහකන්දේ මොරගහකන්ද ජලාශය ආසන්නයේ වන අලි 100-80ත් අතර සංඛ්‍යාවක් නිරන්තරව ගැවසීම හේතුවෙන් මහජනතාවට අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව දන්වා සිටියි. 01 May 2018
හබරාදුව ත්‍රීරෝද රථ අනතුරකින් රියදුරු මරුට ප්‍රධාන මාර්ගයේ ගාල්ල සිට මාතර දිශාවට ගමන්ගත් ත්‍රී රෝද රථයක පිටුපස එම දිශාවටම ගමන්ගත් වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින් වූ ත්‍රී රෝද රථයේ රියැදුරු මියගිය බව හබරාදුව පොලීසිය කියයි. 01 May 2018
බෙලිඅත්තේ අනතුරකින් පාපැදිකරු මරුට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පාපැදියක් ගැටීමෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙලිඅත්ත පොලිසිය කියයි. 30 April 2018
උඩප්පුව ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගල්වලක් අසල උඩප්පුව නගරයේ ත්‍රී රෝද රථ අමතර කොටස් අලවි සැළක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙකුගේ බව කියන පිළිස්සුණු මළ සිරුරක් අතහැර දමන ලද ගල් මෝලක් අසල තිබී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි. 30 April 2018
වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක් වෙසක් පුන්පොහෝය නිමිත්තෙන් යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින හා පසු දිනවල වන්දනාවේ යනෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙසක්පුන් පොහෝදා සිට ආරම්භ කර තිබේ. 30 April 2018
නිතී විරෝධී දුම්වැටි සමඟ අයෙක් කටුනායකදී දැලේ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (30) අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි. 30 April 2018
වෙසක් දා ගවයින් මස් කළ අයෙක් අත්අඩංගුවට ගිංතොට ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක ගවයින් දෙදෙනෙකු මස් කරමින් සිටි පුද්ගලයෙක් ගව මස් කිලෝ 320ක් සමඟ ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 30 April 2018
පුත්තලමේ දන්සැල් 56කට අවවාද වෙසක් දිනය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමත් වුහ. 30 April 2018
යක්කලමුල්ලේ දන්සල් පරීක්ෂාවට යක්කලමුල්ල ප්‍ර දේශයේ දන් සැල් 26ක් පරික්ෂා කිරිමට යක්කලමුල්ල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් ඊයේ (29) පියවර ගෙන තිබිණි. 29 April 2018
නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. 29 April 2018
අනවසර මත්පැන් තොගයක් අල්ලයි සුරාසැල් වසා තැබෙන වෙසක් පෝය දිනවල වැඩි මිලට අළෙවි කිරීමට නීති විරෝධි ලෙස රැගෙන යමින් තිබු මත්පැන් තොගයක් ලිඳුල, නෝනාවත්ත ප්‍රදේශයේදි අද (28) තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 April 2018
ගම්පහ රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධතාවයක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායක වරයෙකුට එම රෝහලේ විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් ඉතා පහන් අන්දමින් ආමන්ත්‍රණය කිරීම නිසා ඊට විරෝධය පළ කරමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (28) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව නිහඩ විරෝධතාවයක නිරතවුහ. 28 April 2018
ව්‍යාපාරිකයාගේ පවුලම පැහැරගෙන දේපාපොළ ලියාගත්තැයි හයක් රිමාන්ඩ් මහනුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු, බිරිඳ සහ ඔවුන්ගේ පස්මස් වියැති දරුවා බලෙන් පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබාගෙන රුපියල් කෝටියක් පමණ වටිනා දේපොළ බලෙන් ලියාගත් බව කියන ව්‍යාපාරිකයින් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 27 April 2018
පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යටවී සිසුවිය මරුට පාසල් නිමා වී නිවස බලා යමින් සිටි දස හැවිරිදි පාසැල් දැරියක සිය පන්තිබාර ගුරුවරයාගේම වාහනයට යටවීමෙන් අද (27) මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි. 27 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025