(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ ගොවි බිම්වලට වන සතුන්ගෙන් සිදුවන වන හානි වළක්වා ගැනීම සඳහා විශේෂ ‘වැට වර්ග‘ දෙකක් හඳුන්වා දී ඇති බවත් එම ‘වැට වර්ගි සහන පදනම මත පළාතේ ගොවීන් වෙත ලබා දෙන බවත් මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය.
මධ්‍යම පළාතේ කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින ගොවී ජනතාව තම වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් නිතරම මැසිවිලි නඟන අතර ඔවුන් මාස ගණනක් මහන්සි වී කරනු ලබන වගාවන් නිමේෂයෙන් වන සතුන් විනාශ කර දමන බවත් නිතර පවසන බැවින් මෙම ගැටළුවට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
පළාතේ ගොවිබිම් ආරක්ෂා කර ගැනිම සඳහා විශේෂ ‘වැට වර්ග‘ දෙකක් දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබෙනවා. එයින් එකක් ගැල්වනයිස් කම්බිවලින් සකස් කරන කුඩා කොටු සහිත වැටක්. එම කොටු පහළ කොටසේ කුඩාවටත් ඉහළට යද්දී ලොකු වන ආකාරයටත් සකස් කරන බවත් එනිසා මීයන් වැනි කුඩා සතුන්ට පවා එයින් ඇතුළු වීමට හැකියාවක් නැහැ.
දෙවැනි ක්‍රමය ඉතාමත් සාර්ථක විදුලි වැටක්.
මෙම විදුලි වැට මගින් කම්බි පොට තුනකින් පමණ මුළු වගා භූමියම ආවරණය කළ හැකි ආකාරයට සකස් කළ හැකි ආකාරයට සකස් කරලා තියෙනවා. අවශ්‍ය විදුලිය ඉතා කුඩා සූර්ය කෝෂයකින් ලබා ගන්නා බවත් මේ සඳහා විදුලිය වැය වීමක් හෝ බැටරි සවි කිරීමක් සිදු වෙන්නේ නැහැ.
මෙම වැට සඳහා රුපියල් 20,000 ක පමණ මුදලක් පමණයි. එයින් සියයට 50 ක දායකත්වයක් පළාත් කාෂිකර්ම දෙපාර්තමේන්තුව දරණ බවත් ඔහු සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සතුන්ගෙන් ගොවිබිම් රකින්න විශේෂ ‘වැට වර්ග‘ දෙකක්
අරැණ ඒකනායන Sunday, 28 March 2021 05:19 PM
මෙිවා ගන්නේ කොහෙන්ද ? විදුලි වැට තවම ලබා දෙනවද අධාර පදනම මත