( දිලීප් ජයසේකර)
පාසල් නිමා වී නිවස බලා යමින් සිටි දස හැවිරිදි පාසැල් දැරියක සිය පන්තිබාර ගුරුවරයාගේම වාහනයට යටවීමෙන් අද (27) මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සුරියවැව ජාතික පාසලේ පහ බී පංතියේ ඉගෙනුම ලැබූ අංක 65/02 ,ධර්මීගම,සුරියවැව පදිංචි අසිනි සත්සරණී වලිසිංහ නැමති දස හැවිරිදි දැරියයි.
දැරිය පාසල නිම වී සුරියවැව පොල පාරදිගේ නිවස බලා යමින් සිටින අවස්ථාවේ මෙම අනතුරට පත්ව තිබේ.
ගුරුවරයා වෑන් රථය සමගින් සුරියවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය දැරියගේ දේහය සුරියවැව රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සුරියවැව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd