නිමන්ති රණසිංහ
මහනුවර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු, බිරිඳ සහ ඔවුන්ගේ පස්මස් වියැති දරුවා බලෙන් පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබාගෙන රුපියල් කෝටියක් පමණ වටිනා දේපොළ බලෙන් ලියාගත් බව කියන ව්‍යාපාරිකයින් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන තෙක් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිතීඥවරයකු හමුවී නීති උපදෙස් ලබා ගැනීම සඳහා ඉකුත් 02 වැනිදා කොළඹ අලූත්කඩේ ප්‍රදේශයට පැමිණි මෙම පිරිස එලෙස බලෙන් පැහැර ගෙන ගොස් ඇත්තේ මාලිගාවත්ත සහ අවට ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් හය දෙනෙකු විසිනි.
පුද්ගලයින් දෙදෙනකු සහ කුඩා බිළිඳකු පැහැරගෙන ගොස් දින තුනක් රඳවා තබා ගෙන ඉඩමක් සහිත නිවසක්, මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් සහ විදුලි උපකරණ තොගයක් බලෙන් ලියා ගෙන ඇතැයි සදහන් කරමින් කෙසෙල්වත්ත පොලිසිය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (27) සවස අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න දෙයක් නෑ ඔය මනුස්සයා ඔය ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ණයට අරගෙන හෝ ගෙවිය යුතු ගනුදෙනුවක් නොදී මගහරිනවා ඇති.