(ටී.කේ.ජී.කපිල සහ ප්‍රසාද් මුතුකුඩ )
දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අද (30) අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුණෑගල , නාරම්මල , උහුමීය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි .
එහි තිබී විදේශීය නිෂ්පාධිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 32,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 162 ක් හමු වී ඇති අතර , ඒවායේ වටිනාකම රුපියල් 16,20,000 ක් බව රේගුව පවසයි .
ඔහු අද (30) උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
දුම්වැටි තොගය ගමන් මළු 04 සඟවා ගෙන තිබූ අතර , එම ගමන් මළු ආවරණය වන පරිදි රෙදි සෝදන යන්ත්‍රයක් ඉදිරිපසින් තබා, තම ට්‍රොලිය රේගු පරිශ්‍රය ඔස්සේ තල්ලුකරගෙන ගොස් රේගු නිලධාරීන් නොමග යැවීමට කටයුතු කර තිබේ.
සිද්ධිය පිළිබඳ රේගුව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd