(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශය ආසන්නයේ වන අලි 100-80ත් අතර සංඛ්‍යාවක් නිරන්තරව ගැවසීම හේතුවෙන් මහජනතාවට අවධානයෙන් පසුවන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
මින්නේරිය ජලාශය වසර තුනකට පසු ජලයෙන් පිරියෑම හා මොරගහකන්ද ජලාශය පිරීයෑම හේතුවෙන් තළාගොඩ හරහා වස්ගමුව ජාතික වනෝද්‍යානය තෙක් වැටී තිබු අලිමංකඩ ඇහිරි ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා පැවසුවේ මේ වන විට මොරගහකන්ද ජලාශය අවට ගැවසෙන වන අලි රංචු ප‍්‍රදේශයේ අලි වැට හා වගා රැසකට හානි පමුණවා ඇති බවයි.
මේ වන විටත් නාඋල සිට ඇලහැර දක්වා අලුතින් ඉදිකර ඇති මාර්ගය දෙපස රංචු වශයෙන් රැදී සිටින වන අලි පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප‍්‍රචාරක පුවරු සවිකර ඇති බව ද රංජිත් කේ විජිත මහතා සඳහන් කළේය.
දිනපතා රාත‍්‍රී කාලයේ ගමන් ගන්නා වැලි පැටවු ටිපර් රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ගමන් කිරීම, වන අලින් පලවා හැරිම සඳහා මිනිසුන් විසින් යොදාගන්නා අවිධිමත් ක‍්‍රමවේදයන් හේතුවෙන් මේ වන විට වන අලින්ගේ ජීවන රටාවට බාධා එල්ල වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මින්නේරියෙන් ආ වනඅලි රංචුවක් මොරගහකන්දේ