( නිශාන්ත කුමාර )
පොලීසිය පැමිණෙනු දැක නිවසේ සඟවා තිබූ කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා තොගයක් රැගෙන නිවසේ පසුපස දොරින් පලා යාමට තැත්කළ කන්දකැටිය, පල්ලේවෙල, වරාලන්ද ගම්මානයේ පුද්ගලයෙකු ගෝඩා සමඟ අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (01) අලුයම් කාලයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු හා ගෝඩා අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 කක පුද්ගලයෙකි.
සැකකරු බදුල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd