‘අර්තාපල් සහ ලොකු ලූණූ බද්දෙන් ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ‘-නාමල් කරුණාරත්න දේශීය ලොකු ලූනු ගොවියා සහ අර්තාපල් ගොවියා වගාව ආරම්භ කිරීමට සූදානම් වෙද්දී රජයේ විද්‍යාත්මක ඇමතිවරුන් විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ලූනු වලට බදු මුදල් පනවා පාරිභෝගිකයාත් ගොවියා අසරණ කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී. 06 May 2018
වැස්සෙන් ගෙලිඔය යට වෙයි මහනුවර ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව නිසා ගෙලිඔය නගරයේ සිට කොස්සින්න දක්වා ප්‍රදේශයේ මාර්ග අඩි 3 ක් පමණ ජලයෙන් යටවී නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබේ. 06 May 2018
පොලීසිය දැක මත්පැන් රැගෙන නිවසින් පැන ගිය අයෙක් අත්අඩංගුවට පොලීසිය එනු දැක මුලුතැන්ගෙයි සඟවා තිබූ කසිප්පු බුලියක්ද රැගෙන සිය නිවසේ පසුපස දොරන් කැලෑ වැදුණු මීගහකිවුල කරදගහමඩ පුද්ගලයෙකු පසුපස පැන්නූ කන්දකැටිය පොලිස් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අද (06) උදෑසන ඔහු සතුව තිබූ කසිප්පු තොගයද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය. 06 May 2018
ගංජා කිලෝ 66ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 66ක් සමඟ සැකකරුවන් තිදෙනකු අද (06) ඕමන්ත පණ්ඩිකෙයියදුකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 06 May 2018
පොදු පහසුකම් ඉල්ලා තුනුක්කායි වැසියෝ පාරට බසිති මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උයිලම්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියන්ට ලබා දුන් ඉන්දියානු නිවාස දැඩි අබලන් තත්වයක් ඇති බව හා ගම්මානයන්හි කිසිදු පහසුකමක් නැතැයි කියමින් ගැමියෝ විරෝධතාවක නිරත වුහ. 06 May 2018
හංවැල්ලේ ව්‍යාපාරිකයකුගේ නිවසකට මැර ප්‍රහාරයක් හංවැල්ල ජල්තර හේන්පිට පාර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් හය දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසක් නිවසේ දොර ජනෙල් සහ ගෘහ භාණ්ඩ කඩා නිවසේ එක් කාමරයකට ගිනි තබා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි 06 May 2018
වව්නියාවේ පාසල්හි බඹරවද ඉවත් කිරීමට පියවර පසුගිය දින කිහිපයේදී වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඇවිස්සීමෙන් ඇතිවූ තත්වයන් ඉදිරියට ඇති නොවීම සඳහා සියලුම බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගත්තේය. 06 May 2018
ලක්ෂ 3 ක රන්බඩු සොරා මොරවකදී අල්ලාගනී රුපියල් ලක්ෂ තුනකට අධික රන් භාණ්ඩ හා මුදල් සොරකම් කළ සැකකරුවෙකු ඔහුට අයත් යතුරු පැදියකින් පලා යන අවස්ථාවේ පොලීසියට ලද තොරතුරක් මත මොරවක දංගල ප්‍රදේශයේදී අද (05) අත්අඩංගුවට ගත්බව මොරවක පොලීසිය කියයි. 05 May 2018
පස්සර දෙමළ මහා විද්‍යාලයේ සිසුන් 7 ක් බඹරු ඇන රෝහලේ පස්සර දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් අද (04) දහවල් පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි 04 May 2018
විදුලි කණුව කඩා වැටී සේවකයෙක් මරුට අවිස්සාවේල්ල පුවක්පිටිය එල්ස්ටන්වත්ත ප්‍රදේශයේ අධි බලැති විදුලි කණුවක් මුදුනේ කම්බි අඳිමින් සිටි සේවකයෙක් සමඟ එම කණුව කඩා වැටීමෙන් තුවාල ලැබූ සේවකයා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (4) මියගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 04 May 2018
තංගල්ල රෝහල් කනිටු වර්ජනයෙන් ඖෂධ නිකුත් කිරීමේ ප්‍රමාදයක් තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ මතුව ඇති ගැටළුවක් හේතුවෙන් රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේ කවුළු කිහිපයක් අද (04) වසා දැමීමෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් අසීරුතාවයට පත්ව තිබේ. 04 May 2018
ආරක්ෂක හිස්වැසුම් නැතිව ගිය 30 දෙනෙක් අත්අඩංගුවට ආරක්ෂක හිස්වැසුම් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරුපැදි වලින් පාසල් දරුවන් රැගෙන ගිය මව්පියන් 30 දෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 04 May 2018
නිධන් හෑරූ 5ක් අත්අඩංගුවට ඇලහැර, කෝට්ටපිටිය, යාය 14 ප්‍රදේශයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයෝ 05 දෙනෙක් ඊයේ (03) රාත්‍රී 10.30 ට පමණ සැකපිට අත් අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි. 04 May 2018
මාතලේ විල්ෂීයාර් කන්දේ ගිනි ගැනීම් නවත්වන්න පියවර මාතලේ විල්ෂියාර් කන්ද ආවරණය වන පරදි ගිනි ගැනිම්වලින් ආරක්ෂා කිරිම පිණිස කිලෝමිටර් 4ක ගිනි පටියක් සකස් කිරිමට පියවර ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 04 May 2018
අලුත උපන් දරුවන්ට මහ සංඝ රුවනේ ආශිර්වාදය අලුත උපන් දරුවන්ට සහ මව්වරුන්ට සෙත් පිරිත් සජ්ජායනා කොට තෑගි භෝග ලබා දීම පිංකමක් දඹුල්ල මූලික රෝහලේ දී පැවැත්විණි. 04 May 2018
මර්සි නෞකා කාර්ය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලයේ ප්‍රජා සත්කාර රැසක් ‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් දෙකක් ත්‍රිකුණාමලය ශ්‍රී සුමේධංකර විද්‍යාලයේදීය සහ සාම්පූර් මහා විද්‍යාලයේදී පැවැත්විණි 03 May 2018
පානදුර රා තැබෑරුම් 11 ක් වටලයි පානදුර ප්‍රදේශයේ බලපත් නොමැතිව පවතාගෙන ගිය රා තැබෑරුම් එකොළහක් වටලා එහි හිමිකරුවන් අද (03) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. ඔවුන් සතුව තිබී රා ලීටර් දහසක් අත්අඩංගුවට ගෙන තිබේ. 03 May 2018
ස්වාධීනෙන් මහියංගණ ප්‍රා. සභාවට ආ අට දෙනා ශ්‍රිලනිපයට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය. 03 May 2018
ගුරු විභාගය ඉල්ලා ඌවේ උද්ඝෝෂණයක් ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ රැකියා ඉල්ලා ඌව පළාත් සභාව ඉදිරිපිට දී අද (3) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වුහ. 03 May 2018
ලොග්ගල්ලා ඔයට පාලමක් නැතිකමින් ජනතාව පීඩාවට මීගහකිවුල, ලොග්ගල්ලාඔය, කෑදත්ත මංකඩ හරහා එගොඩ මෙගොඩ විමට පාලමක් නොමැති වීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි කියති. 03 May 2018
ගිනිගත්ගල කන්ද නාය යෑමේ අවදානමෙන් පවුලක් ඉවත් කරයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයට ඉහළින් පිහිටි ගිනිගත්ගල කන්ද පුපුරා නායයාමේ අවදානමක් මතුවීම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුලක් අද (03) ඉවත් කළ බව අපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. 03 May 2018
මාතලේ එළවලු වගාවට නරක කාලයක් පවතින අධික නියං තත්ත්වය හා රෝග කාරක තත්ත්වයන් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එළවලු වගාවන් රැසක් විනාශ වීමේ අවධානමක් පවතින බව ගොවීහු පවසති. 03 May 2018
ගණිත ගුරුවරයා ඉල්ලා ගලේවෙල පාසලක විරෝධතාවක් ගලේවෙල සිල්වත්ගල මහා විදුහලේ ගණිත ගුරුවරයා හදිසියේ මාරු කිරීමට විරෝධය දක්වා පාසල් සිසුන් හා මව්පියන් පිරිසක් විදුහල ඉදිරිපිට අද (03) උදෑසන විරෝධතාවක නිරත වුහ. 03 May 2018
බඹර ප්‍රහාරයට ලක් වු පාසල් ගුරුවරිය රෝහලේ වවුනියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ ගුරුවරියක් බඹර ප්‍රහාරයකට ලක් වී අද (03) වව්නියාව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි. 03 May 2018
ත්‍රිරෝද අනතුරකින් කාන්තාවක් රෝහලේ දෙනියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී අද (3) උදෑසන ත්‍රීරෝද රථයක් තිරිංග විරහිත විම නිසා මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් එහි පිටුපස ගමන්ගත් කාන්තාවක් තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි. 03 May 2018
ගෝඩා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ ගෙවත්තක රහසිගත ලෙස ගබඩා කර තිබූ ගෝඩා මිලි ලීටර් 3750 ක් සමඟ සැකකරුවෙක් අද (3) උදෑසන කන්දකැටිය පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරී පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 May 2018
වැස්සෙන් පොළොන්නරුවේ ගම් රැසකටත් හානි වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 203 විජයබාහුපුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවාස 03 කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 03 May 2018
හම්බන්තොට ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ අවධානමක් ඉන්ෆ්ලුවන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති සෙම් රෝගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දිනවල සීඝ්රයෙන් පැතිරයමින් පවතින බව හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එම්.එන්.එච් ක්‍රිෂාන්ත මහතා පැවසීය. 03 May 2018
පියාගේ රන් භාණ්ඩ සොරකම් කළ පුතු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට පියා සතු රන් භාණ්ඩ සොරකම්කර ඒවා උගස් කිරිම සදහා මිතුරන් දෙදෙනෙකුට ලබාදුන් පුතු හා මිතුරන් දෙදෙනා පොද්දල පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 03 May 2018
මාකඳුරේ ඉන්ධන හළකින් මුදල් කොල්ල කාලා මාකඳුර නගරය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හළකට අද (3) අලුයම අංක තහඩු නොමැති මෝටර් රථයකින් හිස්වැසුම් පැළඳ පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් මන්නා පිහි පෙන්වා එහි සේවකයන් බියගන්වා ඔවුන් ළඟ තිබූ රුපියල් 70,000ක් රැගෙන පලා ගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 03 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025