( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උයිලම්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියන්ට ලබා දුන් ඉන්දියානු නිවාස දැඩි අබලන් තත්වයක් ඇති බව හා ගම්මානයන්හි කිසිදු පහසුකමක් නැතැයි කියමින් ගැමියෝ විරෝධතාවක නිරත වුහ.
තුනුක්කායි බස්නැවතුම්පල සිට තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා පැමිණි විරෝධතාකරුවෝ තුනුක්කායි ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයට සන්දේශයක් භාරදෙනු ලැබුවේ තම ගැටලු වෙනුවෙන් ඉක්මන් විසඳුමක් ලබා දෙ ලෙසට ඉල්ලා ඉල්ලමිනි.
එහිදී විරෝධතා කරුවන් විසින් කියා සිටියේ 2012 වසරේ තමන් නැවත පදිංචිය සඳහා උයිලන්කුලම් ග්‍රාමයට පැමිණි තමන්ට ඉන්දියානු ස්ථීර නිවසක් ලබා දී විවිධ පහසුකම් ලබා දෙන බවට රජය මෙන්ම විවිධ සංවිධාන විසින් කියා සිටියද මේ වන විට තමන්ට යන එන මන් නැතිව සිටින බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd