පෙරියමඩු රක්ෂිතයේ දැව ජාවාරමක් වවුනියාව පෙරියමඩු රක්ෂිතයේ සිට නීති විරෝධී දැව ජාවාරමක් වටලා රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුත් බුරුත දැව කඳන් තොගයක් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. 27 April 2018
හොරට මත්පැන් අලෙවි කළ අයෙක් සැකපිට බලපත්‍ර නොමැතිව අවන්හළක් තුළ දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් මත්පැන් තොගය සමඟ තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 April 2018
කන්තලේ වැවේ ගිලී ධීවරයෙක් මරුට කන්තලේ වැවේ නීති විරෝධි අයුරින් දැල්දමා මසුන් අල්ලන ධිවරයන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමකදි වැවට පැන පලා යාමට තැත් කළ ධිවරයන් තිදෙනකුගෙන් එක් අයකු වැවේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 27 April 2018
කරුවලගස්වැව කතගේ මරණය ගැන පශ්චාත් වාර්තාවක් ඉල්ලයි කරුවලගස්වැව පොලිස් වසමට අයත් මුරියාකුලම මහකරඹෑව ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ බව කියන කාන්තා මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස කරුවලගස්වැව හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියම කළේය. 27 April 2018
පරෙවියන් විකිණිමේ මුවාවෙන් ගංජා ජාවාරම් කළ අයෙක් සැකපිට පරෙවියන් අලෙවි කරන මුවාවෙන් ගංජා ජාවාරම් කළ පුද්ගලයෙකු අහංගම කුරුදුවත්තේදි අත්අඩංගුවටගත් බව අහංගම පොලිසිය පවසයි. 27 April 2018
තංගල්ලේ අනතුරකින් අයෙක් මරුට සිව් දෙනෙක්ට තුවාල කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී අද (27) අලුයම 4.00ට පමණ සිදුවූ මෝටර් රථ අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 27 April 2018
හෙරොයින් සමඟ මාදම්පේ දෙදෙනෙක් අත්අඩංගුවට හෙරෝයින් මත්කුඩු ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 April 2018
හල්දුම්මුල්ලේ අක්කර හතරක ගම්මිරිස් වගාවක් වනසලා හල්දුම්මුල්ල අක්කරසීය ප්‍රදේශයේ ඉඩමක අක්කර හතරක පමණ ගම්මිරිස් වගාව කිසිවකු විසින් කපා විනාශ කරනු ලැබ ඇතැයි වගාවේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබේ. 26 April 2018
‘කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගෙන නෑ’ ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට වසර දෙකහමාරකට පෙර ගෙන්වන ලද කෝටි 10 ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රයෙන් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය. 26 April 2018
එජාපය දිනූ හම්බන්තොට ශ්‍රීලනිපයේ එරාජ්ට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අද තේරී පත් විය. 26 April 2018
හෝමාගම ප්‍රා. සභාවේ විරෝධයක් හෝමාගම ප්‍රදේශිය සභාවේ අද (26) පැවැති විශේෂ මහා සභා රැස්වීමට කිසිදු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් නොකර යෝජනා පමණක් සාකච්ඡා කිරීම පිළිබඳව විරෝධය පා එම සභාවේ ප්‍රති පක්ෂය නියෝජනය කරනු ලබන මන්ති‍්‍රවරුන් 19 දෙනෙකු සභාවෙන් නැගිට පිටව ගිය බව ප්රතිපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර රංග අබේසිංහ මහතා පවසයි. 26 April 2018
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසල් 17කට නඩු බෙලිඅත්ත නගරයේ හා අවට ප්‍රදේශයේ සිදුකළ වෙළඳසල් පරික්ෂාවක දී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තබා තිබූ වෙළඳසල් 17 සඳහා නඩු පැවරිණී. 26 April 2018
ගාල්ලේ ලීබඩු වෙළදසලක ගින්නකින් තරුණයකු රෝහලේ ගාල්ල, තල්ගම්පල 09 කණුව ප්‍ර දේශයේ ලීබඩු වෙළදසලක අද (26) රාත්‍රි 12.30 පමණ හදිසියේ ඇතිවු ගිණිගැනිමකික් එහි සිටි 19 හැවිරිදි තරුණයකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළුකර ඇති බව අක්මිමන පොලිසිය පවසයි. 26 April 2018
මෝටර් රිය පෙරැළී 05 ක් රෝහලේ පොලොන්නරුව - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල හංදියට නුදුරුව පිහිටි වංගුවේදි අද (26)උදෑසන ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 26 April 2018
නියඟය - මුහුද රළු වීම නිසා පුත්තලමේ වැසියෝ පීඩාවට පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,448 ක පුද්ගලයින් 2,16,670 ක් සහ මුහුද රළු වීම නිසා පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 26 April 2018
වෑන්- ලොරි ගැටුමෙන් අයෙක් රෝහලේ තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ කැටඹුලා ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි. 26 April 2018
ලක්ෂ 50 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60 ක් සිය නිවසේ තබාගෙන සිටි සැකකරුවෙකු රාත්‍රියේ දී පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 26 April 2018
මුලතිව් වෙළදසලක ගින්නක් මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ වෙළඳසලක ඇති වු ගිනි ගැනීමකින් වෙළඳසල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය පවසයි. 26 April 2018
පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක් ත්‍රීරෝදරථයේ ගැටී රෝහලේ කැකිරාව තලාව මාර්ගයේ බස්තියන් සිල්වා විද්‍යාලය ඉදිරිපිට පදික මාරුව මතදී අද 25 සිදුවූ අනතුරකින් පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක හා ත්‍රීරෝද රථ රියදුරකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. 25 April 2018
ගිරිතලේ යුද හමුදා සෙබළු විසිර යති ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ පිහිටි යුද හමුදා පොලිස් පාසලේ මූලික විනයාරක්ෂක පාඨමලාව හදාරන ලද සෙබළ සෙබළියන් 88 දෙනෙකු විසිර යාමේ පෙළපාළියක් අද (25) පෙරවරුවේ එම පුහුණු පාසලේ දී පැවැත්විණි. 25 April 2018
නාත්තන්ඩිය මුස්ලිම් විද්‍යාලය අසල උණුසුම් තත්ත්වයක් නාත්තන්ඩිය-කොට්ටරාමුල්ල අල්හිරා මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරු නොකරන ලෙස ඉල්ලා පිරිසක් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන විට විදුහල්පතිවරයා මාරු කළ යුතු යැයි තවත් පිරිසක් එම ස්ථානයේ ම විරෝධතාවයේ නියැලීමත් සමඟ දෙපාර්ශවය අතර අද (25) දහවල් උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 25 April 2018
කේරල ගංජා රැගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට කේරල ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අම්පාර සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් උහන මායදුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිය. 25 April 2018
මුලතිව්හි දුෂ්කර පාසල් සිසුන්ට පාපැදි මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් හා දුෂ්කර ගම්මානයන්හි තොරාගත් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යාපනය හදාරන දරුදැරියන් 100 දෙනෙකුට පාපැදි බෙදා දීමේ උත්සවයක් අද (25) මුලතිව්හි පැවත්වුණී. 25 April 2018
කොටගල රෝහලේ වර්ජනයක් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශිය රෝහලේ හෙදියන් අද (25) උදැසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 25 April 2018
කල්පිටියේ ඉඩම් ජාවාරමක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් රජයේ ඉඩම් බළහත්කාරයෙන් අල්වාගෙන කම්බි ගැසීමේ කූඨ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව ජනතාව චෝදනා කරයි. 25 April 2018
නැන්දම්මා මැරූ බෑණාත් මරුට ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ නිවසක නැන්දම්මා සහ බෑණා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් නැන්දම්මාට අතින් පයින් පහරදීමෙන් මරා දමා ඇතැයි පොලිසිය කියයි. 24 April 2018
බලංගොඩ රෝහලේ ඉදිකිරීම් ගැන ආණ්ඩුකාරවරියගෙන් පොරොන්දුවක් බලංගොඩ මූළික රෝහලේ පස්මහල් වාට්ටු සංකීර්ණය විවෘත කළද තවමත් වැඩ ආරම්භ නොවීම සම්බන්ධයෙන් 23 වැනිදා ලංකාදිප පුවත්පතින් කළ හෙළිදරව්වෙන් පසුව සබරගමුව පළාත් ආණ්ඩකාරවරිය සිය පළමු රාජකාරිය ලෙස බලංගොඩ රෝහළ නිරීක්ෂණය සඳහා අද දහවල් රෝහළට පැමිණියාය. 24 April 2018
වගා හානි වූ ගොවීන්ට වන්දි ගොවි ජනතාවට වගා හානි සඳහා වන්දි බෙදා දීමේ සමාරම්භක උත්සවය ’’රන් දෑතට රැකවරණය’’ නමින් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි. 24 April 2018
අ’පුරේ උෂ්ණත්වය ඉහළට වසර ගණනාවකට පසු අප්‍රේල් මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි උණුසුම් කාලගුණයක් හටගෙන තිබේ. 24 April 2018
උකුවෙල ප්‍රා.සභාවේ කළුපටි විරෝධයක් පළාත් පාලන මැතිවරණය ක්‍රමයට විරෝධය පළ කරමින් කළු පටි පැළද , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රිවරු පිරිසක් අද (24) උකුවෙල ප්‍රාදේශීය සභා මංගල රැස්විමේ දි විරෝධතාවය පළ කළහ. 24 April 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025