(වසන්ත චන්ද්‍රපාල)
කේරල ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අම්පාර සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් උහන මායදුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිය.
අම්පාර සුරාබදු කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව කොළඔ සිට මහනුවර හරහා අම්පාරට එමින් තිබු පුද්ගලික බස් රථයක මෙම සැකකරැවන් දෙදෙනා පැමිණි තිබේ.
අම්පාර සුරාබදු කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද මහියංගණය ප්‍රදේශයේදී මෙම බස් රථයට නැග ඇත.
පසුව උහන මායදුන්න ප්‍රදේශයේදි මෙම සැකකරැවන් දෙදෙනා බස් රථයෙන් බැස යමින් සිටියදී සුරාබදු නිලධාරින් විසින් පරීක්ෂා කිරිමේදි ඔවුන් දෙදෙනාඅගේ ගමන් මල්ලේ මෙම කේරළ ගංජා තිබි ඇත.
අත් අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 18 සහ 19 වියෙහි පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd