කුෂාන් ජයවර්ධන
කැකිරාව තලාව මාර්ගයේ බස්තියන් සිල්වා විද්‍යාලය ඉදිරිපිට පදික මාරුව මතදී අද 25 සිදුවූ අනතුරකින් පදික මාරුවේ ගමන්ගත් කාන්තාවක හා ත්‍රීරෝද රථ රියදුරකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඉහළගම සිට කැකිරාව දෙසට ගමන්ගත් ත්‍රී රෝද රථයක් බස්තියන් සිල්වා පාසැල ඉදිරිපිට පදිකමාරුවේ ගමන්ගත් කාන්තාවකගේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණ.
විශ්‍රාමික ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයකු පැදවූ බව කියන ත්‍රී රෝද රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබිණ. කාන්තාවගේ ගැටුන ත්‍රීරෝද රථය ඒ අසළ වූ ඔරුගල්සෑය පුරාණ රජමහ විහාරස්ථානයේ ආරක්ෂක තාප්පයද කඩාගෙන ගොස් පංසල්වත්ත තුළ පෙරැලී ගොස් තිබිණ.
පදික මාරුව මතදී සිදුව තිබූ එම අනතුරින් තවාල ලබා ඇත්තේ මලව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. අනතුරින් අදාළ ත්‍රිරෝද රථ රියදුරාද තුවාල ලබා ඇති අතර ඔහු විජිතපුර උස්ගල ප්‍රදේශයේ පදිංචි ආබාධිත තත්ත්වයේ පසුවන 43 හැවිරිදි විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයෙකි.
තුවාල ලත් එම දෙදෙනා ප්‍රතිකාර සඳහා කැකිරාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට මාරු කර යවා තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.පොලිසිය පවසන්නේ ත්‍රීරෝද රථ රියදුරුගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයාගේ රථය ත්‍රිරොද රිය.
මඟ මරුවාගේ රථය ත්‍රිරොද රථය.
රියදුරාට විරුද්ධව නඩු දාල දඬුවම් දුන්නොත් "රණවිරු දඩයමක්" කියලා කෑ ගහන්නත් අය ලංකාවේ ඉන්නවා.
අද වනවිට කොළඹ පදික මාරුවක නියමිත මාර්ග සංඥා දල්වා තිබියදීත් පදිකයින් අතරින් යනවා. පොලිසියත් නොදැක්ක සේ ඉන්නවා. රටේ නීතිය බල්ලට ගිහින් ද? ඕනනම් මරදාන පොලිසිය අසල පිහිටි පදික මාරුව හොඳම උදාහරණයක්. වගකිවයුත්තන්ට අසල තිබෙන කඩවල කැමරා මගින් ඇත්ත නැත්ත බලාගන්න පුළුවන්.