(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය යටතේ පාලනය වන කොටගල ප්‍රදේශිය රෝහලේ හෙදියන් අද (25) උදැසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිනියට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත්තේ. එම රෝහලේ සේවයෙන් නියුතු හෙදියකගේ ස්ථාන මාරුවිමක් සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක් පදනම් කරගෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් වශයෙන් හෙදියන් විසින් මෙම වැඩ වර්ජනය අද ආරම්භ කර ඇත.
වැඩ වර්ජනය සිදු කළද හදිසි අවස්ථාවලදී පමණක් ප්‍රතිකාර කිරිමට එම රෝහලේ සේවයෙ නියතු හෙදියන් 6 දෙනෙකු වෘත්තිය සමිති නියෝග මත තිරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මියගෙන් අප කළ විමසුමක සඳහන් කළේ ‘ වසර 5 කට වඩා තම රෝහලේ සේවය කළ හෙදියකට සෞඛ්‍ය අමාත්‍යයංශයෙන් ස්ථාන මාරු විමක් ලැබි ඇති බවයි.
එම ස්ථාන මාරු විමේ ලිපිය තමන් සතුව ඇති බවත් එම ලිපිය එම හෙදියට භාර නොදි ඇයව සේවා ස්ථානයෙන් මුදා හරින බවට කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තම රෝහලේ සේවයෙන් නියුතු හෙදියන් විසින් එයට විරෝධය පා අද දින වැඩ වර්ජනයක් සිදු කරන බවට තම රෝහලේ කාර්යය භාර වෛද්‍යයවරයාට දැනුම් දි ඇති බවයි.
රෝහලේ දෛනික කටයුතුවලට බධාවක් සිදු නොවන අකාරයට රෝහලේ ප්‍රතිකාර කටයුතු කරගෙන යන බවට දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනි වැඩි දුරටත් පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටගල රෝහලේ වර්ජනයක්