ක.ග කරුණාරත්න
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ පිහිටි යුද හමුදා පොලිස් පාසලේ මූලික විනයාරක්ෂක පාඨමලාව හදාරන ලද සෙබළ සෙබළියන් 88 දෙනෙකු විසිර යාමේ පෙළපාළියක් අද (25) පෙරවරුවේ එම පුහුණු පාසලේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ මහනගර සභා සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් ඩී.පී.එම්.ටී උභයවර්ධන මහතා සහභාගී විය.
එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පෙළපාළිය පරීක්ෂා කිරීම, විසිර යන ආධුනික සෙබළ සෙබළියන් වෙත විනයාරක්ෂක සෙබළ සංකේතය වන රතු හිස්වැස්ම පැළඳවීම සහ ජයග්‍රාහක සෙබළ සෙබළියන් වෙත ජය සංකේත ප්‍රදානය කිරීම සිදු කරනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd