(ජුඩ් සමන්ත)
හෙරෝයින් මත්කුඩු ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 25 සහ 26 යන දිනවල මාදම්පේ පැරණි නගරයේදී සහ මාදම්පේ - තඹගල්ල වත්ත ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.
මාදම්පේ පැරණි නගරයේ පදිංචි අයෙකු සතුව තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 30 ක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
වයස අවුරුදු 30 ක් වන සැකකරු අධික ලෙස හෙරෝයින් මත් කුඩු ජාවාරමට ඇබ්බැහි වී සිටි අයෙකු බව කියති.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd