( ක.ග කරුණාරත්න)
පොලොන්නරුව - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල හංදියට නුදුරුව පිහිටි වංගුවේදි අද (26)උදෑසන ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරැළී ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයෝ 05 දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුහු සුළු තුවාල ලබා ඇත.
සිරිපුර, නුවරගල සිට කන්තලේ බලා ගමන් ගත් මෙම පිරිස අතර අද(26) දිනයේ විවාහ දිවියට පිවිසීමට සිටි මනාල මහතෙකුද සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් මෝටර් රථයට දැඩි අලාබ හානි සිදුවී තිබේ.
ඉදිරියෙන් තිබූ වංගුවේදී රියදුරාට මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත.
අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මෝටර් රිය පෙරැළී 05 ක් රෝහලේ