( අමදෝරු අමරජීව)
කන්තලේ වැවේ නීති විරෝධි අයුරින් දැල්දමා මසුන් අල්ලන ධිවරයන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමකදි වැවට පැන පලා යාමට තැත් කළ ධිවරයන් තිදෙනකුගෙන් එක් අයකු වැවේ ගිලී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ධිවර ක්ෂේත්‍ර නිලධාරින් මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ද සහය ඇතිව ඊයේ (26) රාත්‍රියේදීය.
ඒ අනුව සිදු කළ වැටලීමේදී පලා යාමට තැත් කළ පුද්ගලයින් තිදෙනකුගෙන් එක් අයෙකු දියේ ගිලෙද්දි බේරාගෙන රෝහල්ගත කිරිමෙන් පසු අද (27) උදෑසන ඔහු මියගියේය.
මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ පේරාරු, පදිංචි රිස්වාන් රාසික් (36) නැමැති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd