(සුමතිපාල දීයගහගේ )
පරෙවියන් අලෙවි කරන මුවාවෙන් ගංජා ජාවාරම් කළ පුද්ගලයෙකු අහංගම කුරුදුවත්තේදි අත්අඩංගුවටගත් බව අහංගම පොලිසිය පවසයි.
පිටතින් පුද්ගලයින් පැමිණෙන්නේ පරෙවියන් මිලදී ගැනීමට බව අසල්වැසියන්ට පවසා කලක සිටම මොහු ගැනුම්කරුවන්ට අසුරන ලද ගංජා පැකට් අලෙවිකර ඇති බවද පරීක්ෂණවලදී අනාවරනයවි ඇත.
පොලිසිය විසින් මොහුගේ නිවස වටලා සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් හැටක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අසල් වැසියන් මුලා කිරිම සදහා මොහු තම ගෙවත්තේ පරෙවි කූඩුවක් තබා ගෙන ඇති බවද හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
එළවලු ගෙන ඒමට තණමල්විල ප්‍රදේශයට යන වෙළදුන් සමඟ මෙම සැකකරුද තණමල්විල ප්‍රදේශයට ගොස් එළවලු ගෙන එන මුවාවෙන් ගංජා ගෙනැවිත් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd