පන්නල සභාපතිගෙන් මන්ත්රීවරුන්ට පාඩමක්
‘මේ පන්නල ප්රදේශයේ තරම් පරිසර ප්රශ්න ඇති වෙනත් ප්රදේශයක් කොහේවත් නැති තරම්. මා ඔයත් දැන් නැති ගානයි. එදා තිබූ වැලි තලාව අද දකින්න වත් නැහැ. මැටි, ගල් ඒවත් එහෙමයි. මාලිගා කන්දක් අද නැති තරම්. ඒ තරටම කළු ගල් කඩලා. මේවා කළේ සත්තු නෙමෙයි මිනිස්සු.‘ යැයි පන්නල ප්රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා අද දෙවැනි සභා වාරයේදී පැවැසීය.