IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘අර්තාපල් සහ ලොකු ලූණූ බද්දෙන් ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ‘-නාමල් කරුණාරත්න

(කාංචන කුමාර ආරියදස )
 
දේශීය ලොකු ලූනු ගොවියා සහ අර්තාපල් ගොවියා වගාව ආරම්භ කිරීමට සූදානම් වෙද්දී රජයේ විද්‍යාත්මක ඇමතිවරුන් විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ලූනු වලට බදු මුදල් පනවා පාරිභෝගිකයාත් ගොවියා අසරණ කළ බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී.
 
අර්තාපල් අල සහ ලොකු ලූනු විදේශ රටවලින් ගෙන්වන ප්‍රධානම ගබඩා කරන නගරය බවට පත්ව ඇත්තේ දඹුල්ල නගරයයි. ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි එවැනි අල ලූනු  තොග ගෙනවිත් ගබඩා කර ඇති ගබඩා පරීක්ෂාවට නාමල් කරුණාරත්න මහතා අද ( 06)  මාධ්‍යවේදීන් කැටුව ගියේය.
 
ලොකු ලූනු ගෙන්වීමේදී බදු මුදල  රුපියලක මුදලක් පනවා තිබියදී  විදේශීය ලොකු ලූනු සහ අර්තාපල් අල ගෙන්වා සියලු ගබඩා පුරවා ඇති අයුරු හෙතෙම පෙන්වා දුන්නේය.
 
විදේශ රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ලූනු සඳහා රුපියල් 40 ක බදු මුදල් පැනවීමට පෙර දේශීය වෙළඳපොලේ අර්තාපල් අල කිලෝ එකක් රුපියල් හැටකට ආසන්න මිලකට අලෙවි වූ බවත් ලොකු ලූනු කිලෝවක් රුපියල් 40 කට අලෙවි වූ බවත් එක වරම බදු මුදල් වැඩි කිරීමත් සමඟ එය දෙගුණයකින් ඉහළ ගිය බව හෙතෙම අවධාරණය කළේය.
 
එසේ විදේශ රටවලින් ගෙන්වා තිබෙන ගබඩා කර ඇති අල සහ ලුණූ ගබඩා මාධ්‍යවේදීන්ට පෙන්වා දීමෙන් අනතුරුව නාමල් කරුණාරත්න මහතා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී 6 දින  මාධ්‍ය අමතමින් කියා සිටියේ.
 
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය මේ වන විට වැඩ පටන් අරන් තිබෙන බවය එමෙන්ම ගොවීන්ට මේ ආකාරයෙන් සහන සැලසීමට නොහැකි නම් වහාම රජය ඉවත්විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
 
මේ වන විට දේශීය ලොකු ලූනු බීජ තවාන් දමා තිබෙන බවත් බොහෝ ගොවීන් මෙවර වගාව අතහැර දමා ඇති බව ද ලොකු ලූනු කුඩා පැළ කිහිපයක් පෙන්වමින්  නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය ඉදිරියේ සඳහන් කළේය.
 
දේශීය ලොකුලුනු අස්වනු වෙළඳපොලට ඒමට තවත් මාස  තුනක හතරක පමණ කාලයක් ගතවන බවද එවැනි කාලවකවානුවක  බදු මුදල සියයට 40 දක්වා වැඩි කර ඇති බවද චෝදනා කළේය. ගොවියා ළඟ එකඳු ලූණූ බිකක් හෝ අල ගෙඩියක් වත් නොමැති අවස්ථාවක මෙවැනි ක්‍රියා සිදුකරන්නේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මත බවද චෝදනා කළේය.
 
මෙම විද්‍යාත්මකව ලෙස විදේශීය ලොකු ළූණු සහ අර්තාපල් අලවලට මෙයාකාරයෙන් බදු වැඩි කළේ ඇයිදැයි කැබිනට් මණ්ඩලයේ මැතිඇමැතිවරුන් ජනතාවට හෙළි කළ යුතු බවද චෝදනා කළේය.
 



අදහස් (2)

‘අර්තාපල් සහ ලොකු ලූණූ බද්දෙන් ගොවියාත් පාරිභෝගිකයාත් අමාරුවේ‘-නාමල් කරුණාරත්න

sachith Sunday, 06 May 2018 03:33 PM

අපේ රටේ පාලකයෝන්ට කොමිස් දෙනවනම් ඕනම වැඩක් කරයි. අපේ කරුමෙට මේ පාලකයෝන්ගේ ඕනි වැඩකට එහෙයිය කියාගත්තා බහුතරයක් ඉන්නවා.

:       0       0

sanath Sunday, 06 May 2018 06:51 PM

මේයාට පෙනේනේ හැම තීරනයකම වැරදි පැත්තක්. බැරිවෙලාවත් හෙට මේ අලුත ගහපු ටැක්ස් එක අයින් කලොත් මෙයාම කියයි මේ ආණ්ඩුවට ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ ටැක්ස් එකක්වත් හරියට ගහන්න දන්නේ නැහැ කියලා. වැඩ කරන ජනතාවට ජයවේවා!!!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31634 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site